යුක්රේනය බෙදා ගැනීමට ට්‍රම්ප්, පුටීන් හා යුරෝපා සංගමය අතර තරඟයක් ඇතිවී ඇතැයි බටහිර පුවත්පත් වාර්තා කර සිටි. යුක්රේනයට යුධ සහය ලබා දීමට නම් යුක්රේනයේ ආර්ථික වශයෙන් වශයෙන් සක්‍රීය ලිතියුම් ඇතුළු සම්පත් නිධි ඉල්ලා සිටීම නිසා ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා සංගමය ට්‍රම්ප්ගේ යුක්රේනය සම්බන්ධයෙන් ස්ථාවරය අපැහැදිලි හා තර්කානුකුල නොමැති බව පවසා සිටි. පසුගිය දා අවසන් වූ සෞදි අරාබියේ රියාද් නුවර රුසියාව හා ඇමරිකාව අතර පැවැත්වුණු සාකච්චා වලින් පසු යුරෝපා සංගමය රුසියාවෙන් යුරෝපයට සිදුකරන ඇළුමිනියම් අපනයනය තහනම් කරනු ලැබූවේ තවත් යුධ ආධාර ද යුක්රේනයට ලබා දෙමිනි.
තමන් නොමැතිව රියාද් නුවර පැවැත්වෙන රුසියා-ඇමරිකා සාකච්චා සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලන්ස්කි පවසා සිටියේ යුක්රේනය විකිණීමට තමන්ගේ අපේක්‍ෂාවක් නොමැති බවත් ට්‍රම්ප් ජනාධිපති පුටින්ගේ උගුලක වැටී ඇති බවයි. එයට පිළිතුරු ලෙස ට්‍රම්ප් ජනාධිපති පැවසුවේ යුරෝපා සංගමය හෝ “යුක්රේන විකටයා” ගත වූ වසර තුන පුරා මෙම සාපකාරී යුද්ධය නතර කිරීමට කිසිදු උත්සහයක් නොගත් බවත්, යුක්රේන ජනාධිපතිවරයා ජනතා සහයක් නැති චන්දෙන් පත් නොවූ ඒකාධිපතියෙක් වීමට උත්සහ කලත් ඔහු “අසාර්ථක විකට නළුවෙක්” පමණක් බවට ලෝකයට පෙන්නුම් කර ඇති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව දේශපාලනය යනු සැමවිටම ව්‍යාපාර හා ලාභය මත රඳා පවතී. ඔහු පරිසරය සම්බන්ධ පැරිස් සම්මුතියෙන් ඉවත් වනුයේ “ආර්ථික සම්පත් අඩංගු ලොව සෑම බිමක්ම හාරන්න” (ගවේෂණය) යන සටන් පාඨය මත ඇමරිකන් සමාගම් වලට බල කරමිනි. පෙබරවාරි 10 වන සඳුදා ෆොක්ස් නිවුස් වෙත ඔහු පවසා සිටියේ යුක්රේන දුර්ලභ මුලද්‍රවය සම්පත් අඩංගු බිම් ඇමරිකාව යටතට ගැනීම තම අභිප්‍රාය බවය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ආරම්භයේ සිට යුක්රේනයට ඇමරිකාව ගෙවන ලද ඩොලර් බිලියන 135කට අධික “මුදල් ආපසු අයකර ගැනීමට” ඔහු එමගින් අදහස් කරයි.
“අඩුම තරමින් මේ ආකාරයෙන් කටයුතු සිදු කරන විට අපි මෝඩයන් ලෙස හැඟෙන්නේ නැහැ. යුද්ධය අවසන් වූ පසු අපි යුක්රේනයේ ඩොලර් බිලියන සිය ගණනක් ආයෝජනය කරන්නෙමු” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.
2022 පෙබරවාරි අග භාගයේ යුද්ධය ආරම්භ වූ දා සිට, එක්සත් ජනපදය යුක්රේනයට ඩොලර් බිලියන 350 ක මිලිටරි ආධාර ලබා දී ඇති බව එක්සත් ජනපද රජය පවසයි. (නමුත් යුරෝපා සංගමය පවසන්නේ එය බිලියන 114ක් බවය). යුක්රේන අයවැයට සෘජු ආධාර ලබා දීම මෙන්ම ණය ලබා ගැනීම සඳහා ඇමරිකාව ලබා දුන් ඇපකර මෙහි දී ගණන් බල නොමැති බවත් ඔහු පවසා සිටියේය. මේ නිසා ඇමරිකානු නායකයා දැන් යුක්රේනය වෙතින් වෙතින් ඩොලර් බිලියන 500 ක් වටිනා “දුර්ලභ පස්” – විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ භාවිතා වන ලෝහ – ඉල්ලා සිටී. “දුර්ලභ පෘථිවි බිම් ” යන යෙදුමෙන් අදහස් කරන්නේ නිස්සාරණය කිරීමට අපහසු – නමුත් එතරම් දුර්ලභ නොවන – එර්බියම්, ස්කැන්ඩියම් සහ යිටර්බියම් ඇතුළු මූලද්‍රව්‍ය දාහතක් ය. මෙම රසායනික මූලද්‍රව්‍ය චුම්භක ගුණ ඇති අතර ඒවා චුම්භක, මෝටර් රථ උත්ප්‍රේරක පරිවර්තක, වෛද්‍ය උපකරණ සහ ගුවන් හා හමුදා කර්මාන්තවල ලෝහමය මිශ්‍ර ලෝහවල භාවිතා වේ.
ඇමරිකාව සමස්තයක් වශයෙන්, මෙවැනි දුර්ලභ පස් වලින් 68% ක් ලබා ගනුයේ චීනයෙන් නිසා එයින් මිදීමට ට්‍රම්ප්ට අත්‍යවශ්‍ය වී ඇත. නමුත් “යුක්රේනයේ එවැනි බිම් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් වන අතර එය ලෝකයේ මුළු පරිමාවෙන් 1% කටත් වඩා අඩුවේ. නමුත් ට්‍රම්ප් බොහෝ විට සඳහන් කරන්නේ හොඳින් හඳුනාගත් තැන්පතු සහිත නිකල් හෝ කොබෝල්ට් වැනි දුර්ලභ ලෝහ ගැන පමණක් නොව ග්‍රැෆයිට්, ලිතියම්, බෙරිලියම් හෝ යුරේනියම් නිධි පිළිබඳව ද ඔහුගේ ඉලක්කයක් බව ආර්ථික විශේඥයන්ගේ මතයයි. යුරෝපියම් හෝ සීරියම් වැනි දුර්ලභ පස්, විශේෂයෙන් ප්‍රධාන බලශක්ති සංක්‍රාන්ති තාක්ෂණයන් සඳහා ආර්ථිකයට අත්‍යවශ්‍ය වේ. ඒවා ඩ්‍රෝන යාන, සුළං ටර්බයින, පරිගණක උපාංග, විදුලි කාර් මෝටර්, දුරේක්ෂ කාච හෝ ප්‍රහාරක ගුවන් යානා වල උපාංග සඳහා ද අත්‍යවශ්‍ය වේ.
එපමණක් නොව, “යුක්රේනයේ දැනටමත් ටයිටේනියම් සූරාකෑමට ලක්ව ඇති අතර, යුක්රේනයට අයත් විශාල ටයිටේනියම් පතල් දෙකක් පසුගිය වසරේ යුද්ධය මැද භාගයේදී, සෙලෙන්ස්කි ආණ්ඩුව රජයට අයත් UMCC ටයිටේනියම් සමාගම විදේශීය අසේරි සමූහයක අනුබද්ධිත ආයතනයක් විසින් හ්රිව්නියා නම බහු ජාතික සමාගමට යුරෝ මිලියන 89.9 කට විකුණා දමන ලදී. යුක්රේනයේ ලිතියම් නිධි ද ඇත. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව මෙම සියළු ආර්ථික මුලාශ්‍ර ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු මිත්‍ර පාර්ශවයට ලබා දීමට යුක්රේන ජනාධිපති වරයා 2024 ඔක්තෝම්බර් 24 වැනිදා “ජයග්‍රහණය සඳහා වූ සැලැස්මේ”වැඩපිළිවෙල තුල යෝජනා කරනු ලැබුවේ එරට නේටෝ හමුදා මගින් ආරක්ෂාව ලබා දිය යුතු බවටද කොන්දේසියක් ඉදිරිපත් කරමිනි.
බලයට පත් වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වැඩපිළිවෙල යලි මතු කළ විට, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මුලින් එම යෝජනාව හැඳින්වූයේ “ඇමරිකානු ආත්මාර්ථකාමී සහ අත්තනෝමතික ” ඉල්ලීමක් ලෙස සලකමිනි. නමුත් නව ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම යුක්රේන ජනාධිපති වරයා හොඳින් පිළිගනු ලැබීය. පසුගිය 13 වන අඟහරුවාදා බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පතට සෙලෙන්ස්කි පවසා සිටියේ ආයෝජකයින්ට ලබා දෙන අනාගත අවස්ථා පිළිබඳව “වඩාත් සවිස්තරාත්මක සැලැස්මක්” ලබා දෙන බවයි. ඔහුගේ අරමුණ වන්නේ ඇමරිකානු මිලිටරි ආධාර අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කර ගැනීමයි.
එනම් යුක්රේනය දැන් දැන් දහස් ගණනක මිනී කඳු මතින් උත්සහ කරමින් සිටින්නේ ඇමරිකානු හා බටහිර බහු ජාතික සමාගම් වල ව්‍යාපාරිකයන්ගේ හා ආයෝජකයින්ගේ ලාභය තකා තම රටේ ආර්ථික සම්පත් විකුණා දැමීමටයි.
“අපට, එය රැකියා නිර්මාණය කරනු ඇත. ඇමරිකානු සමාගම් සඳහා, එය ලාභ නිර්මාණය කරනු ඇත,” යුක්රේන නායකයා එසේ සාරාංශ ගත කළේ, ඒ සඳහා තම භූමියේ නේටෝ කඳවුරු ස්ථාපනය අත්‍යවශ්‍ය බවට ද අවධාරණය කරමිනි. නමුත් යුක්රේනයේ නේටෝ හෝ වෙනත් නමකින් හමුදා රැඳවීම රුසියාව තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් යුක්රේනයට ගොස් ඇති අතර, එහිදී ඔහුට යුක්රේන උපායමාර්ගික ඛනිජ සම්පත් පිළිබඳ කෙටුම්පත් හවුල්කාරිත්වයක් භාර දී ඇති අතර “ගනුදෙනුව” තවමත් අවසන් වී නොමැත. තම රට “ආරක්ෂා” නොකරන කිසිදු ගිවිසුමකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව වොලොඩිමියර් සෙලෙන්ස්කි පසුගිය සෙනසුරාදා නිවේදනය කළේය. එවැනි ව්‍යාපෘතියකට “ආරක්ෂක සහතික” ඇතුළත් විය යුතු බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කර සිටි. මෙම ප්‍රකාශය ට්‍රම්ප් කෝපයට පත් කළේය.
පසුගිය වසරේදී ජෝ බයිඩන් පරිපාලනය ඇමරිකානු සමාගම් යුක්රේන පතල් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට දිරිගැන්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් සකස් කර තිබූ බව CNN නාලිකාව මේ අතර වාර්තා කර සිටි. ඊට අමතරව, යුක්රේන ක්‍රියාකාරී කණ්ඩායමක් මාස දහඅටක් තිස්සේ ඇමරිකානු රජයේ නියෝජිතයින් සමග එරට රාජ්‍ය භූ විද්‍යා සේවය ට අනුව, තීරණාත්මක දුර්ලභ භූ මූලද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපෘති තිහක් පිළිබඳව සාකච්චා පවත්වමින් සිටි. එසේම යුක්‍රේනය සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර එවැනි ස්ථාන සියයක් පමණ ඉතා ඉක්මනින් විවෘත කළ හැකි බව භූ විද්‍යාත්මක විශේෂඥයන්ගේ මතයයි. නමුත් ඒ සඳහා සාමය අත්‍යවශ්‍ය බව ඔවුන් තවදුරටත් පෙන්වා දේ.
2024 ගිම්හානයේදී, යුක්රේන රජයම තම භූගත පසෙහි ධනය ගැන පවසමින් පැවසුවේ එක්සත් ජනපදය විසින් සිදු කල වාර්තාව මගින් “උපායමාර්ගික” වශයෙන් වැදගත් බිම් 50ක් හඳුනා ගෙන ඇති අතර යුරෝපා සංගම් වාර්තාවක් මගින් ද්‍රව්‍ය 50 න් 22 ක් “උපායමාර්ගික” හෝ “තීරණාත්මක” වැදගත්කමක් ඇති අමුද්‍රව්‍ය ලෙස හඳුනා ගෙන ඇති බවට යුත් වාර්තාවක් යුක්රේන ස්වභාවික සම්පත් අමාත්‍යාංශය නිකුත් කර තිබිණි. නමුත් එහි අත් පත්‍රිකාවේ ලිතියම් සහ මිනිරන් සඳහා “විභව ආයෝජකයෙකු” ලෙස බිලියනපතියෙකු වන එලොන් මස්ක් සතු ඇමරිකානු ටෙස්ලා කණ්ඩායමේ ලාංඡනය ඇතුළත් කිරීම මගින් යුරෝපා සංගමය කෝපයට පත් කරන ලදී.
ඇමරිකානු ආධාර සඳහා මෙම සම්පත් වෙත ප්‍රවේශය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම රට ඇමරිකානු ආයෝජන සඳහා “විවෘත” බව සෙලෙන්ස්කි පැවසීය. කෙසේ මෙම සම්පත් වලින් “කොටසක්” දැන් රුසියාව විසින් අත්පත් කරගෙන ඇති කලාපයේ ඇති බව අවධාරණය කළේය. මෙම ඛනිජ රුසියානු පාලනය යටතේ තිබීමෙන් ඒවා “ඉරානය සහ උතුරු කොරියාව” වැනි රටවලට ප්‍රවේශ විය හැකි බව ඔහු තර්ක කළේ ඇමරිකාව තවත් අවුස්සමිනි.
නමුත් ඇමරිකාවට අවශ්‍ය වී ඇත්තේ මෙම සියළු ආර්ථික වශයෙන් පොහොසත් ප්‍රදේශ තමන්ට නතු කර ගැනීමටය. පසුගිය වසර අවසානයේදී චීනය එක්සත් ජනපදයට ගැලියම්, ජර්මනියම් සහ ඇන්ටිමනි අපනයනය නතර කරන බව නිවේදනය කළේය. චීනය මත ඕනෑවට වඩා යැපෙන වොෂින්ටනය තම ආනයන විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන බැවින් ඇමරිකානු ආයෝජකයින් ට්‍රම්ප් පාලනය හරහා රුසියාව සමග සාම ගිවිසුමක් අත්සන් කිරීමට බල කරමින් සිටි. පසුගිය ගිම්හානයේදී, ඇමරිකානු කණ්ඩායමක් වන Critical Metals, ලිතියම්, බෙරිලියම්, ටයිටේනියම්, සර්කෝනියම්, පැලේඩියම් සහ යුරේනියම් පවා නිස්සාරණය කිරීම සඳහා ග්‍රීන්ලන්තයේ ටැන්බ්‍රීස් ව්‍යාපෘතියේ යුරෝ මිලියන 200 කට වඩා ආයෝජනය කළේ ඒවා චීනයෙන් මිලදී ගැනීම නතර කර ගැනීම සඳහා ය.
මේ නිසා තම සශ්‍රීක බිම් පෙන්වා යුක්රේනය තවමත් ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටී.
ඒ අනුව ඇමරිකානුවන් සමග පමණක් නොව, සියලුම බටහිර හවුල්කරුවන් සමඟ ද යුක්රේනය සාකච්ඡා පැවැත්වීම ඇමරිකාව නුරුස්සන්නේ නැත. යුක්රේන ආරංචි මාර්ග අනුව, බටහිර සමග සාකච්ඡාවල අරමුණ වූයේ ටෙන්ඩර් සහ වෙන්දේසි සඳහා කැඳවීම් වලට පෙර, තැන්පතුවල තාක්ෂණික ලිපිගොනු සඳහා විශේෂඥයින්ගේ සහය ඇතිව වසර 20ක සහන හෝ රජයේ ගිවිසුම් හරහා වසර 50ක සහන ලබා දීම පිළිබඳවයි. උදාහරණයක් ලෙස, ඩොබ්‍රා හි දැවැන්ත ලිතියම් නිධියක් හෝ ස්ට්‍රෙමිහොරොඩ්ස්කේ හි හෙක්ටයාර 225 ක ටයිටේනියම් සංචිතයක් සඳහා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඇමරිකාව හා යුරෝපා සංගමය අතර තරඟයක් ඇතිකිරීමට යුක්රේනය උත්සහ කරයි.
නමුත් දුර්ලභ යුක්රේන මූලද්‍රව්‍යවල තැන්පතු වලින් අඩක් රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති භූමියේ පිහිටා ඇති අතර, තවත් බොහෝ ඒවා සටන් කලාපවලට ආසන්නව පිහිටා ඇත. සතිපතා පුවත්පතට අනුව, ඛනිජ ලවණ රට පුරා විසිරි ඇතිමුත් ඒවායේ වටිනාකමෙන් 70% ක් ඩොනෙට්ස්ක්, ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල සංකේන්ද්‍රණය වී ඇත. මෙම නිසා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේන යුරේනියම් සහ ටයිටේනියම් සංචිත රුසියාව අතට පත්වීමෙන් ඒවා උතුරු කොරියාව හෝ ඉරානය අතට පත්වීමට ඉඩ ඇතිබව පවසමින් ඇමරිකාව කුලප්පු කරමින් තම බලය ආරක්ෂා කර ගැනීමට මාන බලයි. ඔහුට අනුව ඒ සඳහා යුද්ධයෙන් රුසියාව එළවා දැමිය යුතුව ඇත.
රටේ මධ්‍යයේ කිරොවොහ්රාඩ් කලාපයේ පිහිටා ඇති ලිතියම් නිධිය සඳහා ගවේෂණ කටයුතු “හෙට” වුනත් ආරම්භ කල හැකි බව විශේෂඥයින් මේ අතර අවධාරණය කරයි. නමුත් ඉදිරි පෙළට ආසන්නව පිහිටි ෂෙව්චෙන්කිව්ස්කේ නිධිය සම්බන්ධයෙන් සාම ගිවිසුමක් අත්‍යවශ්‍ය වේ. “සටන් විරාම ගිවිසුමක් නොමැති විට, යටිතල පහසුකම් වලට පහර දීම සඳහා රුසියාව ඩ්‍රෝන යානා යවමින් ඇමරිකානු හා බටහිර ආයෝජන අවුල් කරනු ඇත. එම නිසා රුසියාව සමග සාම ගිවිසුමක් අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් පවසා සිටින්නේ ඒ නිසාය.
මහා බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පතේ තොරතුරුවලට අනුව, මෙම ඇමරිකානු ව්‍යාපෘතිය මගින් ට්‍රම්ප් 2022 සිට යුක්රේනයට ගෙවන ලද ඩොලර් බිලියන 175 ක ආධාර සඳහා ඩොලර් බිලියන 500 ක වන්දියක් ඉල්ලා සිටියේය. එය සුවිශේෂී වෙළඳ අයිතිවාසිකම් සහ විවිධ සම්පත් සහ යටිතල පහසුකම් රාශියකට “සදාකාලිකව” ගෙවිය යුතුව ඇත. අනාගතයේදී රුසියානු ආක්‍රමණිකයාට එරෙහිව ආරක්ෂාව සඳහා පැහැදිලි කැපවීමකින් තොරව, ඇමරිකානු මිලිටරි සහ ආර්ථික ආධාර සඳහා වන්දි වශයෙන්, යුක්රේනයේ උපායමාර්ගික ඛනිජ වලින් 50% ක් සඳහා ප්‍රවේශය කිව් පාලනය විසින් ඇමරිකාවට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සෙලන්ස්කි හට පෙන්වා දී ඇත.
ඉදිරිපත් කරන ලද ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි ප්‍රකාශයට පත් කළ The Telegraph පුවත්පතට අනුව, නිව් යෝර්ක් ප්‍රාන්තයේ එක්සත් ජනපද නීතියට යටත් වන ගිවිසුමක් යටතේ, “ඛනිජ සම්පත්, හයිඩ්‍රොකාබන් (තෙල් සහ ගෑස්), වරාය සහ අනෙකුත් යටිතල පහසුකම්” ඇතුළුව “යුක්රේනයේ සම්පත් හා ඒ හා සම්බන්ධ සියළු ආර්ථික වටිනාකම්” මෙම කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත. පළමුවන ලෝක යුද්ධයෙන් පසු අත්සන් කරන ලද 1919 වර්සයිල්ස් ගිවිසුම යටතේ ජර්මනියට පනවන ලද වන්දි වලට වඩා දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් ඇමරිකාවට ගෙවීමට මෙම සැලැස්ම අනුව යුක්රේනයට සිදු වනු ඇතැයි එහි සඳහන් විය.
යෝජිත ගිවිසුම පවතින තත්වය තුළ තම රට “ආරක්ෂා” නොකරන බව ජනාධිපති සෙලෙන්ස්කි විශ්වාස කරන අතර, යුද්ධය අවසන් කිරීමේ විභව ගිවිසුමකින් පසු නව රුසියානු ආක්‍රමණයක් වැළැක්වීම සඳහා විශේෂයෙන් යුක්රේනයට “ආරක්ෂක සහතික” ඉල්ලා සිටී.
“”මම යුක්රේනය ආරක්ෂා කරනවා, මට අපේ රට විකුණන්න බැහැ. එච්චරයි,” යුක්රේන ජනාධිපතිවරයා පෙබරවාරි 19 වන බදාදා කියෙව්හි පැවති මාධ්‍ය හමුවකදී යලි මාධ්‍යවේදීන්ට පැවසීය. “මම නැවත නැවතත් කියනවා, අපි බැරෑරුම් ලියවිල්ලකට සූදානම්. අපට ආරක්ෂක සහතික අවශ්‍යයි,” ඔහු පැවසුවේ ඇමරිකානු පාර්ශවය “බැරෑරුම් සංවාදයක” නිරත නොවන බවට චෝදනා කරමින්ය.
යුක්රේන ජනාධිපතිවරයා ගේ මෙම ප්‍රකාශයත් සමග ට්‍රම්ප් ඔහුව හැඳින්වුයේ 2022 සිට මැතිවරණ නොපවත්වනු ලැබූ ජනතා සහයක් නොමැති ඒකාධිපතියෙකු හා ඩොලර් බිලියන 350ක ඇමරිකානු යුධ ආධාර සොරකම් කල දුෂිතයෙකු ලෙසය. ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා යුක්රේනයේ දහස් සංඛ්‍යාත ජනතාවක් විනාශ වූ බවත් “මෙම විහිළු කාරයා” තව දුරටත් මෙම යුද්ධය පවත්වාගෙන ගිය හොත් සමස්ථ රටම රුසියානු ග්‍රහණයට ලක්වීම නැවැත්විය නොහැකි බවටද අවධාරණය කරනු ලැබුවේය. ඉන් පසුව ඇමරිකාව හා රුසියාව අතර සාකච්චා සෞදි අරාබියේදී ආරම්හ වීමත් සමග යුක්රේන ජනාධිපතිවරයා ඇමරිකානු ක්‍රියා කලාපය හෙලා දැකුනු ලැබිණි. ඒ අනුව යුද්ධය අවසන් කිරීම සඳහා ට්‍රම්ප් හා පුටීන් හමුවක් මෙම මස අවසානයේ සිදු වීමට නියමිතව ඇති අතර මෙම හමුව යුරෝපා සංගමය හෙලා දකින්නේ සාම සාකච්චා තමන් නොමැතිව පැවැත්වීම පිලිබඳ තම නොසතුට පල කරමිනි.
ප්‍රංශය මේ වන විට යුරෝපා සංගමයේ සාමාජිකයින්, මහා බ්‍රිතාන්‍යය හා යුක්රේන ජනාධිපතිවරයා සමග වෙනම සමුළු තුනක් මේ වන විට පවත්වමින් සිටින්නේ යුක්රේනයේ ආර්ථික සම්පත් වල තමන්ගේ අයිතිය ලබා ගැනීම ඉලක්ක කර ගනිමිනි. අවශ්‍ය වුවහොත් තම හමුදා යුක්රේනයට යැවීමට මහා බ්‍රිතාන්‍ය සුදානමින් සිටියත් ප්‍රංශය, ජර්මනිය,පෝලන්තය,හංගේරියාව හා ඉතාලිය තම හමුදා යැවීම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ජර්මානු වාන්ස්ලර් ඔලාෆ් ශෝල්ස් ඇමරිකානු උත්සාහය තරයේ විවේචනය කලේ ස්ථාවර සාමයක් සඳහා එය බාධාවක් බවත් සෙලන්ස්කිට එරෙහිව ට්‍රම්ප්ගේ ප්‍රකාශ අනතුරු දායක හා අසත්‍ය බවත් පවසමිනි. මෙහිදී ග්‍රීන්ලන්තය නිසා ට්‍රම්ප් සමග උරණව සිටින ඩෙන්මාර්කය ඩොලර් බිලියන 6ක් ආරක්ෂාව සඳහා මෙම වසරේ අයවැයෙන් වෙන් කර ඇත.
ට්‍රම්ප් හා රුසියානු හමුවෙන් පසු යුරෝපා සංගමයේ රටවල් 27 විසින් යුක්රේනය සඳහා ලබා දෙන යුධ ආධාර නැවතත් සක්‍රිය කරනු ලැබුහ. රුසියාව විසින් රහසිගතව තෙල් හා ගෑස් විකිණීම සඳහා පවත්වාගෙන යනු ලබන නෞකා බලඇණියට අයත් බවට සැක කෙරෙන තවත් නැව් 73ක් සඳහා යුරෝපා සංගමය විසින් සම්බාධක පනවා ඇත. බටහිර සීමාවන් මඟ හරිමින් ක්‍රෙම්ලිනයට තෙල් අපනයනය කිරීමට ඉඩ සලසන ටැංකි නැව් 163 ක් ඔවුන්ගේ අසාදු ලේඛනයට ඇතුළත් කර ඇත. සම්බාධක යටතේ, මෙම නැව්වලට තවදුරටත් යුරෝපීය වරායක නැංගුරම් ලෑමට, ආහාර රැගෙන යාමට හෝ කාර්ය මණ්ඩලය මාරු කිරීමට තවදුරටත් අවසර නැත.
ජනවාරි 10 වන දින පෙර නොවූ විරූ තරම් තෙල් ටැංකි ඉලක්ක කර ගනිමින් රුසියාවට එරෙහිව නව සම්බාධක පනවන බව වොෂින්ටනය ද නිවේදනය කළේය. එක්සත් ජනපද අසාදු ලේඛනයට එවැනි නැව් 183ක් ඇතුළත් කර ඇති අතර, ඉන් 143ක් ටැංකි නැව් වේ. කියෙව් ආර්ථික විද්‍යා පාසලේ වාර්තාවකට අනුව, ලොව පුරා මෙවැනි නැව් 430 ක් පමණ හඳුනාගෙන ඇත. බොහෝ විට අබලන් වූ සහ ලියාපදිංචි නොකළ නැව් වලින් සමන්විත මෙම නෞකා බලඇණිය ප්‍රධාන වශයෙන් බෝල්ටික් මුහුදේ ක්‍රියාත්මක වේ. නාවික අවදානමක් නොමැතිව බටහිර රක්ෂණයකින් ද තොරව සහ අත්දැකීම් නොමැති කාර්ය මණ්ඩලයක් සමඟින් ඔවුන් තෙල් හා ගෑස් ප්‍රවාහනය ලොව පුරා සිදු කරනු ලබයි.
යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා වොෂින්ටනය සහ මොස්කව් විසින් ආරම්භ කරන ලද සාකච්ඡා වලදී කොන් කිරීමේ තර්ජනයට ලක්ව ඇති යුරෝපා සංගමය, එහි තමන්ගේ ස්ථානය ලබා ගැනීම සඳහා සිය බලපෑම් ට්‍රම්ප් වෙත වැඩි කරමින් සිටී. මෙම බදාදා මොස්කව් පාලනයට එරෙහිව දහසයවන සම්බාධක පැකේජය මේ අනුව යුරෝපා සංගමය වලංගු කළහ.
බෝල්ටික් රටවල් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි පරිදි, රුසියානු ඇලුමිනියම් යුරෝපා සංගමයට ආනයනය කිරීම තහනම් කිරීම ඇතුළුව රුසියාවේ ආදායම තවදුරටත් අඩු කිරීම නව පියවර පැකේජයේ අරමුණයි. යුරෝපීය සංගමයේ අංශය නියෝජනය කරන යුරෝපීය ඇලුමිනියම් වලට අනුව, 2023 දී රුසියානු ඇලුමිනියම් යුරෝපීය ආනයනය 35% කින් පහත වැටුණු අතර 2024 දී පමණක් රුසියාව එමගින් යුරෝ බිලියන 1.25ක මුදලක් උපයා ගෙන ඇත. ක්‍රෝමියම් සංයෝග මෙන්ම රසායනික පූර්වගාමීන් වැනි අනෙකුත් ඛනිජ හෝ ලෝහ ආනයනයද මෙම තහනමට යටත් වේ.
තවත් රුසියානු බැංකු 13ක් පමණ SWIPT ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් විසන්ධි කරනු ඇත. යුරෝපා සංගමය විසින් රුසියානු පුද්ගලයින් 48 දෙනෙකු සහ ආයතන 35 ක් එහි අසාදු ලේඛනයට ඇතුළත් කරයි (වත්කම් කැටි කිරීම, යුරෝපය තුළ සංචාරක තහනම). මෙම සම්බාධක යුක්රේනය සම්බන්ධයෙන් ආරම්භ වීමට නියමිත සාම සාකච්ඡාවලදී අවදානමට ලක්ව ඇති ගැටළු වලින් එකකි. කෙසේවෙතත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අඟහරුවාදා පිළිගත්තේ ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමය සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවයි. නමුත් ට්‍රම්ප් පවසා සිටියේ වසර තුනක් යුද්ධය අවසන් කිරීමට කිසිදු උත්සහයක් නොගත් යුරෝපය දැන් තම කොටස ඉල්ලා නහයෙන් ඇඬිම පිළිගත නොහැකි බවයි.
ඒ අතරම කියෙව් පාලනය සඳහා නව හමුදා ආධාර පැකේජයක් සඳහා යෝජනාවක් සඳහා ද යුරෝපය කටයුතු කරමින් සිටිති. යුරෝපා සංගමයේ හි යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ලේඛනයකට අනුව, එය ෂෙල් වෙඩි (මිලියන 1.5), ගුවන් ආරක්ෂක පද්ධති (මිසයිල, ඩ්‍රෝන යානා) සහ යුක්රේන හමුදා සඳහා සහාය (පුහුණුව, උපකරණ) බලමුලු ගැන්වීමට යෝජනා කරයි. EEAS මඟින් යුරෝ බිලියන 40 ක පමණ යුධ ආධාර ලබා දීමට අපේක්ෂා කෙරේ. රුසියානු ආක්‍රමණයේ තුන්වන සංවත්සරය සනිටුහන් කරන පෙබරවාරි 24 වන සඳුදා, සමස්ත යුරෝපීය කොමිසමේ සාමාජිකයින් කියෙව් වෙත යාමට නියමිතය. යුක්රේන අගනුවරදී, යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන්ට වෙළඳ සබඳතා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ හැකිය. ඒ අනුව යුරෝපා සංගමයේ චාරිකාව ආර්ථික අරමුණු සමග ඍජුව බැඳී පවතී.
මේ අතර ප්‍රංශය රුසියානු-ඇමරිකානු නව අක්ෂයට එරෙහිව නේටෝ සංවිධානයේ බලය තමන් අතට ගැනීම සඳහා මේ වන විට යුක්රේනය පෙන්වා සමුළු තුනක් පවත්වා ඇත්තේ ට්‍රම්ප් විරෝධී ප්‍රවනතාවයක සිටින කැනඩාව, අයිස්ලන්තය හා නොර්වේ රාජ්‍යයටද ආරාධනා කරමිනි. මේ වන විට දැවැන්ත ණය අර්බුධයක හා අයවැය හිඟයක හිරවී සිටින ප්‍රංශය ඒ සඳහා රටේ පක්ෂ නායකයින් සමගද සාකච්චා පවත්වමින් සිටි. යුක්රේන යුද්ධය ඇති කරනු ලැබුවේ සෙලන්ස්කි යයි ට්‍රම්ප් ගේ ප්‍රකාශය මක්රෝන් හෙළ දැකුවේය. ඔහු පවසන්නේ යුක්රේනය සඳහා ශක්තිමත් හා දිගු කාලීන හා ගෞරවාන්විත සාමයක් අවශ්‍ය බවයි. එහෙත් ඒ සඳහා රුසියානු මිත්‍ර රටවල් ලෙස සැලකෙන හංගේරියාව, ස්ලොවේකියාව, ඔස්ට්‍රියාව හා මෝල්ටාව සහභාගී වී නැත.
මෙම යුරෝපීය ක්‍රියා දාමයන් ට්‍රම්ප් තරයේ හෙලා දකුණු ලැබුවේ යුරෝපා සංගමය නේටෝ වට ලබා දෙන මුදල් ප්‍රමාණය තම දල ජාතික නිෂ්පාදනයෙන් 5%(GDB) දක්වා වැඩි කල යුතු බවත් එසේ නොවේ නම් 70%ක් මුදලක් වාර්ෂිකව ලබා දෙමින් පවත්වා ගෙන යනු ලබන නේටෝ සංවිධානයෙන් තමන් ඉවත් වන බවටද තර්ජනය කරමිනි. එක්සත් ජනපදය හා රුසියාව අතර සාකච්චා සාර්ථක බවත් දෙරට අතර තානාපති සම්බන්ධතා යලි සක්‍රිය වූ බවත් රාජ්‍ය නායකයින් දෙදනා අතර හමුවක් මෙම මස අවසානයේ සිදුවන බවත් ට්‍රම්ප් අවසාන වශයෙන් සඳහන් කර සිටියේ යුරෝපය තව තවත් අමාරුවේ දමමිනි. ඊළඟ යුරෝපීය සමුළුව මාර්තු 20 වන දිනට නියමිතව ඇති අතර ජනාධිපති මක්රෝන් ලබන සතියේදී ට්‍රම්ප් හමුවීමට නියමිතව ඇත.
මේ අතර පෙබරවාරි 18 වනදා රුසියානු ජනාධිපති පුටීන් විසින් දකුණු රුසියාවේ කැස්පියන් මුහුදු කලාපයේ පිහිටා තිබෙන තම තෙල් සංචිත පද්ධතියට එල්ල කරන ලද ද්‍රෝන ප්‍රහාරයක් සම්බන්ධයෙන් යුරෝපා ඔත්තු සේවා වලට චෝදනා කරනු ලැබුවේය. එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යුක්රේනයට හැකියාවක් නොමැති බව ඔහු පවසා සිටියේය. ඉන් පසුව රුසියාව පෙබරවාරි 18 දා එල්ල කල ද්‍රෝන ප්‍රහාරයකින් යුක්රේන පුරවැසියන් 160000කට විදුලිය හා ගෑස් පරිභෝජනය ඇනහිටවනු ලැබිණි.
කෙසේවෙතත් BRICS කඳවුර මගින් ඩොලරයට එරෙහිව නව මුදල් ඒකකයක් හඳුන්වා දිම හා යුක්රේනය තුල තම ආධිපත්‍යය ලබා ගත් ඛනිජ සම්පත් අඩංගු ප්‍රදේශ රාශියක් පෙන්වමින් ඇමරිකාව සමග කේවල් කිරීමට රුසියාව සමත් වී ඇත. ඇමරිකාවට මිලියන 275ක ජනගහනයක් හිමි රුසියානු වෙළඳ පලද වැදගත් වන අතර යුක්රේන ඛනිජ සම්පත් බෙදා ගැනීම සඳහා සහයද මත එහි තනි භුක්තියට ගැනීමට ද එමගින් හැකිවේ. ඇමරිකානු ආයෝජකයින් රුසියානු පාලනයේ පවතින ඩොන්බාස් හි සශ්‍රිව පවතින ලිතියුම් වෙත ද ඇදී එයිද යන්න ඒ අනුව කාලය විසින් තීරණය කරනු ඇත.
මේ අතර, ක්‍රෙම්ලිනය කියෙව් විසින් එවන ලද පණිවිඩය හොඳින් තේරුම් ගෙන ඇත. ” වාණිජමය පදනමක් මත ආධාර විකිණීම හෙලා දකින ක්‍රේම්ලනය “කිසිම ආධාරයක් ලබා නොදී මෙම ගැටුම අවසන් කිරීමට දායක වීම වඩා හොඳ වනු ඇත” යනුවෙන් යුරෝපයට අනතුරු හඟවමින් එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා සිටියේ koursk පළාතෙන් තවත් 800km² පෙබරවාරි 20 වනදා මුදාගත් බවත් අද දිනයේ හෙළි කරමිනි.
මේ අතර යුක්රේන අර්බුධය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට G20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ද චීනයේ සහභාගිත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් හි රැස්වීමට නියමිතව ඇත්තේ ඇමරිකාවේ සහයක් නොමැතිව වන අතර මෙය ලෝකයේ දෙවන ආර්ථික බලවතා සමග ඇමරිකානු-බටහිර-රුසියානු අක්ෂයට එරෙහිව කඳවුරු බැඳීමක් ලෙස ආර්ථික විශේෂඥයින් මේ අතර පෙන්වා දේ.