එළඹෙන ජනවාරි 20 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණීමට සතියකට පෙර, චීනය අපනයන කේෂ්ත්‍රයේ 2019 අවසානයේ සිට දැවැන්ත පිම්බක් තබමින් 2024 දී 40%ක වර්ධනයක් පෙන්වමින් ඩොලර් බිලියන 3300ක් උපයා ගැනීමට සමත් වී ඇත. චීනය ඇමරිකාව සමග 2024 වසර සඳහා ලබාගෙන ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 670.1 ලෙස සැලකේ. එසේම චීනය හා රුසියාව අතර බටහිර සම්බාධක මැද සිදුකල අපනයන හා ආනයන වෙළඳාමෙන් දෙරට අතර උපයන ලද සමස්ථ ආදායම ඩොලර් බිලියන 240ක් ලෙස ඊයේ දින වාර්තා වී තිබිණි.
මේ අතර බලයෙන් පහ වීමට පෙර ජෝ බයිඩන් විසින් ද ආරක්ෂක හේතුන් පෙන්වා චීනයට එරෙහිව ජනවාරි 13 වැනිදා සිට කෘතීම බුද්ධිය සඳහා යොදා ගන්නා මෘදු කාංග සඳහා සම්බාධක පනවනු ලැබීය. මෙය චීනයේ සමාගම් 140ක් වෙත ඍජුවම බලපෑමක් සිදු කරනු ඇත. එයට ප්‍රතිචාරයක් ලෙස චීනය විසින් ද ආයුධ, අර්ධ සන්නායක, පුනර්ජීවන බලශක්තිය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඇමරිකාව වෙත අපනයනය ද තහනම් කර ඇත.
චීනය විසින් 2024 වසර සඳහා වාර්තා ගත අපනයන ආදායමක් ලබා ගැනීම නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට නම් එතරම් සතුටු දායක ආරංචියක් නොවනු ඇත. පසුගිය වසරේ චීනයෙන් එක්සත් ජනපදයට කරන අපනයන පරිමාව 4% කින් පමණක් වැඩි විණි. ජනවාරි 20 වන දින බලයට පත්වන අලුතින් තේරී පත් වූ එක්සත් ජනපද ජනාධිපතිවරයා ඇමරිකාවේ වෙළඳ හිඟය අඩු කිරීම සඳහා බීජිං සිට සිදුවන ආනයනයන් සඳහා තීරුබදු 60%-100% දක්වා වැඩි කිරීමට දැනටමත් පොරොන්දු වී තිබේ.
එහෙත් තවත් ආර්ථික මුලාශ්‍රයක් පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය වෙතට චීන අපනයන දෙසැම්බර් මාසයේදී පමණක් 16% කින් ඉහළ ගොස් ඇති බවයි. එම වාර්තා වලට අනුව ට්‍රම්ප් ගේ ආගමනයෙන් සිදුවන රේගු බදු ඉහළ යාමට පෙර සමහර ඇමරිකානු සමාගම් චීන නිෂ්පාදන මිලදී ගෙන ගබඩා කර ගැනීම නිසා මෙසේ සිදු වී ඇති බවයි.
චීනයට රටින් බැහැරව සිදුවන විදේශ වෙළඳාම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම අත්‍යවශ්‍ය ඉලක්කයක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. කොවිඩ් වසංගතය සහ රට තුල ඇතිවූ දේපළ ගොඩනැගිලි වෙළඳාම් අර්බුදය රටට බලපෑ දා සිට, තම ඉතුරුම්වලින් වැඩි ප්‍රමාණයක් නිවාස සඳහා ආයෝජනය කර ඇති චීන ජනතාවට චීන කොටස් වෙළඳ පල පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පරිභෝජනය ඉහල යාම සිදුවනුයේ සුළු වශයෙන් වන අතර මෙම සන්දර්භය තුළ අපනයන ආදායම වැඩි කර ගැනීම චීන රජයට ඇති එකම විකල්පය බවට පත්ව ඇත. ඒ අනුව පසුගිය වසරේ සිට චීන අපනයන ආදායම 2024 දී ඩොලර් ට්‍රිලියන 3.4 ඉක්මවා එනම් 7% කින් ඉහළ ගියේය. චීන ආර්ථික ඉතිහාසය තුල අපනයන ආදායමක් එවැනි මට්ටමකට ළඟා වූ පළමුවෙනි අවස්ථාව මෙය ලෙස සැලකේ. තවද, එම කාලය තුළ ආනයන 2% කින් පමණක් වැඩි වී ඇති බැවින්, චීනයට 2024 වසර සඳහා ඩොලර් බිලියන 992 ක භාණ්ඩවල වෙළඳ අතිරික්තයක් තබා ගැනීමට මේ අනුව හැකි වී ඇත.
“2024 දී විදේශ වෙළඳාම දළ දේශීය නිෂ්පාදිතයෙන් ලකුණු 1.5 කින් වර්ධනයට දායක වනු ඇත, නමුත් පෙර වසරේ මෙය ශුන්‍යයට ආසන්න විය,”යයි සුප්‍රකට REXECODE හි ආර්ථික විද්‍යාඥ ඇන්තනි මෝර්ලට්-ලැවිඩාලි රොයිටර් පුවත් සේවයට අවධාරණය කරයි.
“පසුගිය වසර පුරා චීනයේ විදේශ වෙළඳාමේ දායකත්වය ගෘහස්ථ පරිභෝජනයට වඩා වැඩියි,” ඔහු තවදුරටත් පවසයි.
ඔහුට අනුව 2024 අවසානයේ චීන අපනයන පරිමාවෙන් 2019 අවසානයේ තිබූ මට්ටමට වඩා 40% කින් වැඩි වූ බව දැන ගැනීම වැදගත් වන අතර, මෙම කාලය තුළ දී එරට ආනයන ආදායම 9% කින් පමණක් වැඩි වී ඇත. චීනයේ නිෂ්පාදන පිරිවැය අඩු වී ඇති අතර ජර්මනිය වැනි රටවල් එම වියදම දැඩි ලෙස ඉහල යාම නිසා චීන කර්මාන්ත යුරෝපා සංගමයට ද අත්‍යවශ්‍ය වී තිබේ. මේ අනුව, 2014 සහ 2019 අතර කාලය තුළ චීනය හා යුරෝපා සංගමය අතර වෙළඳ හිඟය ඩොලර් බිලියන 100 ක් පමණ වූ අතර, 2024 දී එය ඩොලර් බිලියන 250 සීමාවට ළඟා වෙමින් පවතී.
ආසියාවේ ASEAN රටවල් සමඟ ද චීන වෙළඳාම පසුගිය වසරේ 9% කින් වැඩි වී ඇත. එම නිසාම ආසියානු පැසිෆික් කලාපයේ ඇමරිකානු, ජපාන, ඕස්ට්‍රේලියා හා ඉන්දියානු මැදිහත් වීම ද ඊට සමගාමිව ඉහල යමින් පවතී.
මෝටර් රථ, වානේ සහ ගෘහ උපකරණ වැනි අංශ කිහිපයක අපනයනයන් හි වටිනාකමේ ප්‍රමාණයටත් වඩා වේගයෙන් වූ වර්ධනයක් චීනය ලබා ගන්නා බව ප්‍රංශ LesEchos සඟරාව මේ අතර පෙන්වා දේ. එහි ප්‍රථිපලයක් ලෙස “මිල තරඟකාරිත්වය ශක්තිමත්ව පැවතීම හේතුවෙන් උද්ධමනය පහත වැටී deflation තත්වයක් ද චීනයේ පසුගිය කාලයේ නිර්මාණය වීමය.
එහෙත්, “අනාගත ට්‍රම්ප් පරිපාලනයේ ආරක්ෂණවාදය චීනයට හානියක් කළත්, 2025 දී චීන අපනයන කඩා වැටෙනු ඇතැයි සිතිය නොහැක” යනුවෙන් REXECODE ආර්ථික විද්‍යාඥයා යලිත් ඇස්තමේන්තු කරයි.
“මක්නිසාද යත් බීජිනයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ක්‍රම වේද ඇති බැවිනි. පළමුවැන්න නම් චීන රජය විනිමය අනුපාතය පාලනය කරන යුවාන් මුදල අවප්‍රමාණය කිරීමයි. එය දැනටමත් ආරම්භ වී ඇත. නොවැම්බර් මස මුලදී ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු, චීන මුදල් ඒකකය ඩොලරයට සාපේක්ෂව එහි වටිනාකමෙන් 4% ක් පමණ අහිමි වී තිබේ. ඇමරිකානු ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමේ දෙවන ක්‍රමය වනුයේ චීන නිෂ්පාදකයින් වෙනත් රටවලට තම විකුණුම් වැඩි කර ගැනීම හෝ ඇමරිකාවට නියමිත නිෂ්පාදන වෙනත් රටවල් හරහා ප්‍රවාහනය කිරීමෙන් ඉදිරියේදී පැනවෙන “සම්බාධක” මග හැරීමයි” ඔහු වැඩි දුරටත් පෙන්වා දේ.
එසේම මේ සම්බන්ධයෙන් තවත් ආර්ථික මුලාශ්‍ර පෙන්වා දෙන්නේ චීන ආර්ථිකය ඍජුවම පාලනය කරනුයේ චීන රජය මගින්ය. එම නිසා පොලි අනුපාතය අඩු කිරීමෙන් ද ඔවුන්ට යුවානයේ අගය ඉහල පහල ගෙන යා හැක. එරට බැංකු හා මුල්‍ය කේෂ්ත්‍රය පාලනය කරනුයේද චීන රජය විසින් වන අතර රටින් මුදල් පිටතට ගෙනයාම රජයේ අනුදැනුමක් නැතිව සිදු කල නොහැක. ඇතිවන ඕනෑම අර්බුධයකදී චීන රජය මැදිහත් වීම වේගයෙන් සිදුවන අතර පසුගිය නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් කේෂ්ත්‍රයේ ඇති වූ අර්බුධයේදී කඩා වැටෙන බැංකු ඉතා ඉක්මනින් රජයේ පාලනයේ පවතින අනෙකුත් බැංකු වලට අවශෝෂණය කර ගැනීම තුලින් එයින් මිදීමට චීනය සමත් විනි. ඔවුන් ඇතිවන ආර්ථික අර්බුධයන් වේගයෙන් සමනය කර ගනු ලබන්නේ ද එරට ණය අනුපාතය 245%GDB හා අයවැය හිඟය 6.62%GDB තත්වයක් තුල වීමද සඳහන් කල යුතු වැදගත් කාරණයකි.
ඒ අනුව චීනය මේ වන විට තම අපනයන් විවිධාංකරණකට ලක් කරමින් තම තාක්ෂණික -කාර්මික කරණය(techno-industrial) කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කරමින් සිටින අතර ඒ සඳහා චීන අභ්‍යන්තර ආයෝජකයින්ට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. මේ වන විට ට්‍රම්ප් ආගමනයට මුහුණ දීම සඳහා වියට්නාමය, ඉන්දියාව හා ජපානය සමග ද සම්බන්ධතා වර්ධනය කර ගනිමින් සිටි. එසේම චීනය හා රුසියාව අතර සිදු වූ වෙළඳ ගනුදෙනු මගින්ද ඩොලර් බිලියන 240ක විශාල අදායමක් උපයා ගැනීමට දෙරට සමත් වීම යුරෝපයේ හා ඇමරිකාවේ කනස්සල්ලට හේතු වී ඇත්තේ එමගින් රුසියාව බටහිර සම්බාධක මග හරවා ගැනීමට සමත් වීම තුලය. රුසියාව තම ගනුදෙනු සඳහා යුවාන් යොදා ගැනීමත් BRICS හරහා නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට උත්සහ කිරීමත් නිසා ට්‍රම්ප් තම රෙගු බදු 60%-100%දක්වා ඉහල දමන බවටද තර්ජනය කරමින් සිටි. 2024 වසර තුලදී රුසියාව විසින් ඩොලර් බිලියන 94ක තෙල් හා ගෑස් චීනයට විකුණා ඇත. චීනය තාක්ෂණික භාණ්ඩ සහ නිමි භාණ්ඩ අපනයනය කරනු ලබයි.
BRICS සමුළුවේදී නව මුදල් ඒකකයක අවශ්‍ය තාවය හඳුන්වා දෙමින් පුටින් පැවසුවේ තම රටට ඩොලර් පරිහරණය කිරීමට අවකාශ නොදෙන්නේ නම් වෙනත් මුදල් ඒකකයක් වෙත ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ඒ අනුව මිලියන 275ක ජනගහනයක් වෙසෙන වෙළඳ පලක් සහිත රුසියාව සමග සාමයක් ඇති කර ගැනීමට ට්‍රම්ප් උත්සහ කිරීම පුදුම විය යුතු නැත. නමුත් ඇමරිකාවේ ප්‍රධාන වෙළඳ සතුරා වනුයේ චීනයයි.
ඒ අනුව බයිඩන් තම පාලනයෙන් ඉවත් වීමට පෙර AI තාක්ෂනය සඳහා යොදාගන්නා මෘදු කාංග අපනයනය තහනම් කිරීමට තීරණය කිරීමත් සමග චීනය එයට එකට එක කිරීමක් ලෙස අර්ධ සන්නායකයන්, අධෝරක්ත තාක්ෂණයන් සහ ආයුධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගලියුම්, ජර්මනියුම් හා ඇන්ටිමනි ඇමරිකාවට අපනයනය කිරීම තහනම් කරන ලදී. ලෝකයේ මෙම ගලියුම්(94%), ජර්මනියුම්(83%) හා ඇන්ටිමනි(48%) නිෂ්පාදනය කරන එකම රට චීනය වේ. මෙම තහනම ඇමරිකාවේ ආයුධ හා අර්ධ සන්නායක කේෂ්ත්‍ර වලට ඍජුවම බලපානු ඇති බව newyork times පුවත්පත පෙන්වා දේ. විශේෂයෙන්ම ඇන්ටිමනි මිල 228%කින් ඉහල ගොස් ඇත. එසේම පුනර්ජීව බලශක්තිය හා විදුලි කෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කොබෝල්ට් හා නිකල් අපනයන ද තහනම් කළහොත් ඇමරිකාවට ඩොලර් බිලියන 3ක පාඩුවක් විඳීමට ද සිදුවනු ඇති බව එම වාර්තාව තව දුරටත් පෙන්වා දේ.
මෙම සියලු කාරණා සලකා බලද්දී 2025 වසර මහා බලවතුන් අතර ලෝක වෙළඳ පල බෙදා ගැනීම සඳහා වන ආර්ථික ගැටුම් සෑම කේෂ්ත්‍රයකම ඇතිවීම වැළැක්විය නොහැක. ආර්ථික පෘථිවිකරණය ලෝක බලවතුන් අතර ගැටුම් අවසාන කල නොහැකි බව පැවසූ ලෙනින් ගේ අනාවැකිය තව දුරටත් ලෝක ආර්ථික අර්බුධය විග්‍රහ කිරීමේදී යලි සනාථ වන බව වාම බුද්ධිමතුන් මේ අතර පෙන්වා දෙන්නේ ජනවාරි 21 වැනිදා ඔහුගේ 154 වෙනි උපන් දිනයද මතක් කරමිනි.