පැසිෆික් කලාපයේ සැමෝවා හි දී පැවැත්වූ 75 වැනි පොදු රාජ්‍ය මණ්ඩල මණ්ඩල සමුළුවේදී එහි සාමාජිකයින් රටවල් 55යේ නියෝජිතයින් යටත් විජිත සමයේ මහා බ්‍රිතාන්‍යය විසින් සිදු කල වහල් වෙළඳාම අපරාධයක් ලෙස පිළිගනිමින් වින්දිතයන්ට ඩොලර් බිලියන 21500 මුදලක වන්දියක් ගෙවිය යුතු බවට ඉල්ලා සිටීම නිසා උණුසුම් වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුන්වන චාල්ස් රජු හා බ්‍රිතාන්‍ය අගමැති KEIR STARMER වහල් වෙළදාම සම්බන්ධයෙන් සමාව ගැනීම හා ඒ වෙනුවෙන් වන්දි ගෙවීම තරයේ ප්‍රතික්‍ෂේප කිරීම නිසා මහා බ්‍රිතාන්‍යයේ වාමාංශික නායකයින් හා පොදු රාජ්‍ය මණ්ඩල රටවල සාමාජිකයන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇත.
එක්සත් රාජධානිය ඇතුළු පැරණි යටත් විජිත 55ක පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ අවධාරනය නොතකා බ්‍රිතාන්‍ය කිරීටය නැවතත් විෂය මඟ හැර ඇතැයි අගමැති වරයාගේ කම්කරු පක්‍ෂය තුලින්ම ඔහුට චෝදනා එල්ල වී ඇත. බ්‍රිතාන්‍ය කිරීටයේ වේදනාකාරී අතීතයට මුහුණ දී සිටින III වැනි චාල්ස් රජු තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයෙන් පීඩාවට පත් රටවලින් නිසි ලෙස සමාව ගෙන නැත. විශේෂයෙන් කැරබියන් රටවල් 14ක් සමග කරන ලද වහල් වෙළඳාම සම්බන්ධයෙන් ඔවුන් මුනිවත රැකිම ප්‍රශ්න කාරී බව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී ඝානා විදේශ අමාත්‍ය SHIRLY BOTCHWEY ප්‍රශ්න කර සිටියාය.
ඔක්තෝම්බර් 26 වැනි සෙනසුරාදා සමුළුව අවසන් වන විට, පොදුරාජ්‍ය මණ්ඩලීය හිටපු බ්‍රිතාන්‍ය යටත් විජිත සාමාජිකයින් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි වන්දි ප්‍රශ්නය යලි ප්‍රබල ලෙස නැවත මතු විය. ඔක්තෝම්බර් 21 වැනිදා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දී ද මහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් “ජන සංහාරයක්” සිදු කිරීම, ඔවුන්ගේ සම්ප්‍රදායික බිම් සොරා ගැනීම, ජන වාර්ගික ශුද්ධය යන චෝදනා ඉදිරිපත් කරමින් ආදිවාසී සෙනෙට් සභිකයෙකු Lidia Thorpe විසින් තුන්වෙනි චාල්ස් රජුගේ පාර්ලිමේන්තු සැසිවාරයේදී සිදු කල කතාවේදී බාධා කරමින් ප්‍රශ්න කර සිටියාය.
ඉන් පසුව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් සිදු කරන ලද වහල් වෙළඳාම හා ජන වාර්ගික ශුද්ධය විසින් ඇති කල “වේදනාකාරී සිද්ධීන්” වෙනුවෙන් වන්දි ගෙවීම සම්බන්ධයෙන් චාල්ස් රජු විසින් පෙන්වූ නිහඬතාවය නිසා රාජකීය යුවළ පිටත්ව යන අවස්ථාවේ දී පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 56 දෙනා ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් එයට විරෝධය පා ඇති බවත් වාර්තා වේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයාටද එම ප්‍රකාශනයට අත්සන් තැබීමට සිදු වී තිබිණි.
“අපි කිසිවෙකුට අතීතය වෙනස් කළ නොහැක, නමුත් අපට එයින් ලබා ගත් පාඩම් ඉගෙන ගැනීමට කැපවිය හැකිය,”යයි චාල්ස් රජු සමුළුව අමතමින් පවසා ඇත්තේ මූල්‍යමය වන්දි ලබා දීම පිළිබඳ අදහස ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමිනි. සාමාජික රටවල් අපේක්ෂා කළ ඉහළ පෙළේ දේශපාලන සමාව ඉල්ලීම් මග හැරීම සමුළුව තුල දැඩි කල බල කාරී තත්වයක් ඇති කරන ලද්දේ බ්‍රිතාන්‍ය අගමැති KEIR STARMER විසින්ද රාජතාන්ත්‍රිකව වින්දිතයන් ගෙන් සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තුලය.
” මූල්‍ය වන්දි පිළිබඳ සාකච්ඡාව සමුළු න්‍යාය පත්‍රයේ නොමැත. මගේ ස්ථාවරය අපි ඉදිරියට යා යුතු බවයි. අපි ඉතිහාසය වෙනස් කරන්නේ නැහැ” යයි බ්‍රිතාන්‍ය අගමැති වරයා ප්‍රකාශ කලේය.
ඒ අතර බ්‍රිතාන්‍ය කම්කරු රජයේ ප්‍රකාශකයෙකු මෙම ඉල්ලීම් පසෙකටම වීසි කර දැමීය.
“වන්දි ගෙවීම් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමේ න්‍යාය පත්‍රයේ නොමැත. මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වෙනස් වී නැත, අපි වන්දි ගෙවන්නේ නැත, ” KEIR STARMERගේ ප්‍රකාශකයා තරයේ කියා සිටියේය.
“පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී අපි සමාව නොගන්නෙමු, නමුත් වර්තමාන සහ අනාගත පරම්පරාව මුහුණ දෙන හදිසි අභියෝගවලට විසඳුම් සෙවීමට ඔවුන් සමඟ කටයුතු කරන අතරම, මෙම ගැටලු සම්බන්ධයෙන් අපි අපගේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු. එම නිසා සමාව ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක් ද නැත” යයි ඔහු මාධ්‍ය අමතා තවදුරටත් පවසා සිටියේය.
අගමැති හා ඔහුගේ ගෝලබාලයින් වන්දි ගෙවීමේ විෂය මඟ හැරීමට සෑම දෙයක්ම කරමින් සිටි බව ඔහුගේ රජයේ ලංඩන් සාමාජික මන්ත්‍රීවරුන්ද අගමැතිවරයා තරයේ හෙලා දුටුවේය. එක්සත් රාජධානියේ, කම්කරු පක්ෂයේ වාමාංශිකයින් වන ජෙරමි කොර්බින් හා ජෝන් මැක්ඩොනෙල්ගේ ද අගමැතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කළේය. අගමැති KEIR STARMER සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයාට ජෙරමි කොර්බින් චෝදනා කරනුයේ “ඔවුන්ගේ ප්‍රකාශ තුල ඇති වචනයෙන් වචනය විග්‍රහ කර බැලීමේදී පෙනී යන්නේ මේ සම්බන්ධයෙන් දක්ෂිණාංශික කොන්සර්වේටිව් පක්ෂය සිදු කරන තර්කම යලි යලිත් පුනරුච්චාරණය කිරීම හැර වෙනත් විකල්ප විසඳුමක් හෝ යෝජනාවක්” එහි දක්නට නොමැති බවය.
තවද කම්කරු නායකයාගේ ප්‍රකාශයට එරෙහිව අග්‍රාමාත්‍ය කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයෑන් ඇබට් මාධ්‍ය වෙත පවසා සිටියේ KEIR STARMER “පොදුරාජ්‍ය මණ්ඩලීය රටේ නායකයින්ට අගෞරව කර ඇති” බවයි. වන්දි ගෙවීමේ ප්‍රශ්නය මතු නොකර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගි වනු ඇතැයි අගමැතිවරයා සිතීම ක්ලයිව් ලුවිස් මන්ත්‍රීවරයාට අනුව විහිළුවක් විය.
“මේ සම්බන්ධයෙන් අප්‍රිකානු සංගමයේ සහ කැරබියානු රටවල් සාමුහිකය වන CARICOM ආයතනයේ ප්‍රකාශවලට අගමැතිවරයා ඇහුම්කන් දුන්නේ නැද්ද? ඔහු ප්‍රශ්න කර සිටියේය.
බ්‍රිතාන්‍ය මන්ත්‍රී ක්ලයිව් ලුවිස් තම අගමැතිට චෝදනා කරන්නේ ඔහු තව දුරටත් “යටත්විජිතවාදී මානසිකත්වයක්” පවත්වාගෙන යාමට උත්සහ කරන බවටයි.
ජාතීන් 56 කින් සමන්විත වූ පොදුරාජ්‍ය මණ්ඩලය, ටෝගෝ සහ ගැබොන් වැනි අනෙකුත් රටවලට ව්‍යාප්ත වීමට පෙර ආරම්හ යේදී එක්සත් රාජධානිය සහ පැරණි යටත් විජිත වලින් සමන්විත විය. මෙම අප්‍රිකානු, කැරිබියන් සහ පැසිෆික් ජාතීන් වහල් වෙළඳාමෙන් දිගු කලක් ලාභ ලැබූ බ්‍රිතාන්‍ය කිරුළට එරෙහිව මෙම සියුම් කාරණයේදී යුක්තිය ඉටු කර ගැනීම සඳහා නීත්‍යානුකූලව උද්ඝෝෂණ කරති. මෙම ඉල්ලීම ඔවුන් වහල් වෙළඳාම මගින් ලාභ ලැබූ අනෙකුත් ප්‍රධාන යුරෝපීය බලවතුන් වෙතින්ද ඉල්ලා සිටිති.
සමාව අයැදීමේ අදහස සිකුරාදා සමුළුවේදී චාල්ස් රජු ඉදිරියේ මතු වූ විට, ඔහු සමුළුවට සහභාගි වූවන්ගෙන් ඉල්ලා සිටියේ “පොදුරාජ්‍ය මණ්ඩල කණ්ඩායමේ බෙදා දැමීමේ භාෂාව තරයේ ප්‍රතික්ෂේප කරන ලෙස” ය. එම පිළිතුර අදාළ වින්දිත රාජ්‍යයන් සඳහා සෑහීමකට පත් නොවන ප්‍රතිචාරයක් වීම නිසා පසුව එම යෝජනාව වන්දි මුදල් ලබා ගැනීම සඳහා වූ ඉල්ලීමක් දක්වා සමුළුව තුල වර්ධනය වී උණුසුම් කාරි තත්වයක් ඇති වී තිබිණි.
Sky News මාධ්‍ය ජාලය පෙන්වා දෙන පරිදි, “යුක්තිය” සඳහා වූ මෙම ව්‍යාපාර මෑත වසරවලදී ලොව පුරා අඛණ්ඩව වේගවත් වී ඇති අතර, එලිසබෙත් II ගේ මරණයත් සමඟ ඇති වූ ලොව පුරා ජාතිවාදයට එරෙහිව ගොඩ නැගුනු දේශපාලන ව්‍යාපාර නිසා විශේෂයෙන් Black Lives Matter ව්‍යාපාරයේ මතුවීම හා පරිසර වේදීන්ගේ නැගීම නිසා නිදහස හා සමානාත්මතාවය සඳහා ඉල්ලීම් ත්‍රීව වී ඇත. විශේෂයෙන්ම වහල්භාවය අහෝසි කළ දා සිට, “දේපල අහිමි වීම” වෙනුවෙන් වහල් හිමියන්ට මුල්‍යමය වශයෙන් වන්දි ගෙවීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියා කලද හිටපු වහල් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල් සඳහා කිසිවක් මේ දක්වා ලබා දී නැත, මුදල් ලබා දී නැත! නැවත පදිංචි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර නැත! සමාව ඉල්ලා නැත!
ඇතිවූ උණුසුම් විවාදයෙන් පසුව, පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල සාමාජිකයින් අවසාන ප්‍රකාශණය ලෙස නිගමනය කළේ මෙම විෂය සම්බන්ධයෙන් “ප්‍රයෝජනවත්, අවංක සහ ගෞරවනීය සංවාදයක්” ඇති කිරීමට කාලය පැමිණ ඇති බවයි. සාමාජික රටවල් විසින් ඓතිහාසික වන්දි ගෙවීම ලබා ගැනීම සඳහා නොනවතින අරගලයක යෙදී සිටින ඝානාවේ විදේශ අමාත්‍ය SHIRLY BOTCHWEY නව මහලේකම්වරයෙකු ලෙස තෝරා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය දූත පිරිස තවත් අපහසු තාවයට පත් කරමිනි.
“වන්දි ඉල්ලා සිටින රටවල් සඳහා වූ ප්‍රශ්නය සඳහා පිළිතුර වනුයේ තවදුරටත් එම අපරාධය ලන්ඩන් පාලනය පිළිගනීද යන්න නොව එය සිදු කරන්නේ කවදාද යන්නයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි,” යයි බහමාස් විදේශ කටයුතු අමාත්‍ය ෆෙඩ්රික් මිචෙල් පැවසුවේය.
ඒ සම්බන්ධයෙන් බහමාස් අගමැති ෆිලිප් ඩේවිස් පවසා සිටියේ වන්දි ලබා ගැනීම සඳහා වන සටන අවසන් වී නැති බවයි.
බහමාස් අගමැති ඩේවිස් මහතා මෙසේ ද පැවසීය: “සිදුවූ අපරාධය සඳහා වන වන්දි හා සමාව ඉල්ලීම හුදෙක් මූල්‍ය වන්දි පිළිබඳ කාරණයක් නොවේ. එය ශතවර්ෂ ගණනාවක සූරාකෑම සමාජයට කරන ලබන බලපෑම හඳුනා ගැනීම සහ වහල්භාවයේ උරුමය හා එහි ම්ලේච්ත්වය අවංකව සහ අවංකභාවයෙන් පිලිගෙන සහතික කිරීමයි”
“කැරිබියානු ජාතීන් වශයෙන්, අපට පෙර පැමිණි පරම්පරාවන්ට සහ තවමත් මෙම කුරිරු ඉතිහාසය සමඟ ජීවත් වන වර්තමාන පරම්පරාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය සඳහා වන අපගේ අරගලය වෙනුවෙන් අපි ඒකරාශී වී සිටිනවා” යයි බහමාස් අගමැති වරයා තව දුරටත් පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව අවසන් කිරීමට අවශ්‍ය බවට කරන ඉල්ලීම දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව උත්සන්න වීම නිසා පොදුරාජ්‍ය මණ්ඩලයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය වඩ වඩාත් සංවිධානය තුල බරපතල වී තිබේ. වහල්භාවය සඳහා මූල්‍ය වන්දි ගෙවීම පිළිබඳ මෙම ප්‍රශ්නය එක්සත් රාජධානිය සහ අනෙකුත් සාමාජික රටවල් අතර ගැටුම ජාත්‍යන්තර සන්ධානය පුපුරුවා හරින ගිනි පුපුර විය හැකි බව ඇතැම් දේශපාලන විචාරකයින්ගේ මතයයි. විශේෂයෙන් ඔක්තෝබර් 21 වැනි සඳුදා, ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටියදී, ආදිවාසී සෙනෙට් සභික ලිඩියා තෝර්ප්ගේ තම ප්‍රහාරය අවසන් කලේ “ඔබ අපේ රජු නොවේ” සහ “ඔබ අපේ දරුවන්, හිස් කබල්, ඇටකටු පවා සොරකම් කළා ! ඔබ සොරකම් කරපු ඉඩම් අපට ආපසු දෙන්න” කියා කෑ ගසමිනි.
මෙම විරෝධතා තුලින් පොදු රාජ්‍ය මණ්ඩලය තුල තව දුරටත් පවතින රාජාණ්ඩුවාදයට එරෙහිව ජනරජ අභිලාෂයන් තව දුරටත් ඉහල යමින් පවතින අතර රාජ්‍ය නායකයා ලෙස තවමත් නිල වශයෙන් බ්‍රිතාන්‍ය ස්වෛරීත්වය පිළිගැනීමට එරෙහිව ද විරෝධය පල වෙමින් පවතී. මෙම තත්වය ලොව පුරා ඇවිලී එන අධිරාජ්‍යවාදී විරෝධය හා ලෝක බලතුලනය ධ්‍රැව කීපයකට සංකේන්ද්‍රණය වීමේ ප්‍රථිපලයක් විය හැකි බවට ද ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.
CARICOM (කැරිබියානු ප්‍රජාව) විසින් පිහිටුවා ඇති රටවල් “ප්‍රතිෂ්ඨාපන යුක්තිය” සඳහා දැවැන්ත සැලැස්මක් නිර්මාණය කර ඇත. “මිලියන 10කට අධික අප්‍රිකානුවන් ඔවුන්ගේ නිවෙස්වලින් සොරකම් කර බලහත්කාරයෙන් වහලුන් ලෙස අසීරු කොන්දේසි යටතේ කැරිබියන් රාජ්‍යයන් වෙත ප්‍රවාහනය කර යුරෝපීයයන් විසින් වහල්භාවයට පත් කරන ලදී. මෙම දම්වැල් සහිත ශරීර වෙළඳාම යුරෝපීය ජාතීන්ට ඉතා ලාභදායී වාණිජ ක්‍රියාකාරකමක් වීණි ,” යයි සැලැස්මේ පූර්විකාවේ සඳහන් වේ.
16 වැනි සියවසේ අග භාගයේ සිට වසර ගණනාවක් වහල් වෙළඳාමෙන් බ්‍රිතාන්‍යය විශාල ලෙස ප්‍රතිලාභ ලබා ගන්නා ලදී.
දුම්කොළ, කපු සහ උක් සීනි වගා කිරීම සඳහා බ්‍රිතාන්‍යය, ප්‍රධාන වශයෙන් බටහිර අප්‍රිකාවෙන් මිලියන 15ක පමණ කළු ජනතාවක් කැරිබියන් සහ ඇමරිකාවේ සිය යටත් විජිත වෙත ගෙන ආ බව ගණන් බලා ඇත. මේ ආකාරයටම බ්‍රිතාන්‍ය පාලකයින් විසින් දකුණු ඉන්දියාවේ සිට ඉතා කුරුරු කොන්දේසි යටතේ දෙමල වැසියන් ශ්‍රී ලංකාවේ තේ වතු වල සේවය සඳහා ගෙන ආ බව ප්‍රකට කාරණයකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගමනේදී දෙමල වැසියන්ගෙන් 30%ක් විවිධ ලෙඩ රෝග, වසංගත, මන්දපෝෂණය හා කුසගින්න නිසා මිය ගොස් තිබිණි.
මෙම වහල් වෙළදාම හා නිෂ්පාදන මගින් බ්‍රිතාන්‍යයට තම ධනය උපයා ගැනීමට සහ කාර්මික විප්ලවය ඉදිරියට ගෙන යාමට උපකාරී විණි. කෙසේ නමුදු 1833 දී බ්‍රිතාන්‍යය තම යටත් විජිතවල වහල්භාවය අහෝසි කරන ලදී. වහල් හිමියන්ට ඔවුන්ගේ නිදහස් ශ්‍රමය අහිමි වීම වෙනුවෙන් වන්දි ලබා දුන්නද ඒවා වින්දිත වහල් ජනතාවට ලබා දීමක් සිදු කලේ නැත. වහල් වෙළඳාමෙන් ධනවත් වූ පවුලක් වන බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් පැවතී එන තුන්වන චාල්ස් රජු වින්දිත වහල් ජනතාවට වන්දි නොගෙවීම ප්‍රතිපත්තිය වන බ්‍රිතාන්‍ය රජයේ නිල ප්‍රතිපත්තිය සමඟ ඍජුවම පෙළ ගැසී සිටි.
කෙසේ වෙතත් යෝජනාව සභා ගත කල පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකයින් 55 දෙනා පවසන්නේ වන්දි ගෙවීම මගින් වින්දිත රටවල අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ සංවර්ධනය, ණය කපා හැරීම සහ වෙනත් ආර්ථික ආධාර ලබා දීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඒ සඳහා මහා බ්‍රිතාන්‍යයට දායක විය හැකි බවය. එසේම වහල්භාවය සඳහා නිල සමාව අයැදීම සහ ආර්ථික සංවර්ධන ආධාර වැඩසටහන් සංවර්ධනය කිරීම ඇතුළු යෝජනාව තුල දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීම, පෘථිවිය උණුසුම් වීමට එරෙහිව ව්‍යපෘති ප්‍රවර්ධනය හා ආර්ථික ගැටළු සම්බන්ධයෙන් වින්දිත රටවල් මුහුණ දෙන දුෂ්කරතා විසඳීම සඳහා සහභාගී විය හැකි වැඩසටහන්ද එහි අඩංගු වේ.
ඔහු පොදුරාජ්‍ය මණ්ඩලය රටවල් 56 කින් (පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත) සමන්විත වන අතර සාමූහික ජනගහනය බිලියන 2.7ක් වන අතර ඔවුන්ගෙන් 60% ක් වයස අවුරුදු 30 ට අඩු අය වෙති.
මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව 2026 දී ඇන්ටිගුවා සහ බාබුඩා හිදී පැවැත්වේ.