අසූනමය වකවානුවේ මෙරට තුළ සිදුවුණ මහා ව්‍යසනය ඕපපාතිකව සිදුවූවක් නොවේ. පාලක එක්සත් ජාතික පක්ෂය විසින් ලියන ලද ඉතිහාසයට අනුව භීෂණය ජවිපෙ විසින් කරන ලද්දකි. එහෙත් 60000 ක් වටිණා ජීවිතද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ බහුතරයද විනාශ කර දැමුවේ එක්සත් ජාතික පක්ෂය විසිනි. මේ ඉතිහාසය පිළිබඳව අබමල් රේණුවක අවබෝධයක් නැති පිරිස 89 ක් පිළිබඳව නංදොඩවයි.
මෙම බිහිසුණු තත්වය දුර දක්නා නුවනින් බැලූ රෝහණ විජේවීර සහෝදරයා 1983 ඔක්තෝබර් මසදී ජනපති ජූනියස් රිචර්ඩ් ජයවර්ධන වෙත ලිපියක් යවමින් අතිශය අසාධාරණ ලෙස පක්ෂය තහනම් කිරීම පිළිබඳව මෙසේ ලියන ලදී
“ජනතා පරමාධිපත්‍යයට එරෙහි වන කිසිදු කටයුත්තක් ජවිපෙ මඟින් සිදු නොකර යි. පොදු ජනතාවගේ බහුතරයක් ස්වකැමැත්තෙන් ජවිපෙ සමාජවාදී වැඩසටහන අපේක්ෂා නොකරන තාක් මෙම පක්ෂය ප්රජාතන්ත්රවාදී විපක්ෂයේ කටයුතු කරනු ඇත. ජවිපෙ කුමන්ත්රණකාරී සංවිධානයක් නොවේ. එමඟින් ප්රචණ්ඩත්වය ප්‍රචාරය කරන්නේ නැත. 1983 ජූලි මාසයේ සිදු වූ නින්දිත ක්‍රියාවලට [කළු ජූලියට ] ජවිපෙ කිසිදු සම්බන්ධයක් නැති අතර එය අප විසින් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකිමු. 1983 ජූලි මාසයේ සිදුවුණු අවාසනාවන්ත සිදුවීම්වලට ජවිපෙ සම්බන්ධයක් නොමැති බව අපරාධ විමර්ශන අංශයේ සොයාගැනීම්වලින් තහවුරු වී ඇත”.
1982 ජනාධිපතිවරණය පවත්වන විට ජවිපෙට එරෙහිව එජාපය මැරබලය උපරිමයෙන් යෙදෙව්වා. විජේවීර සහෝදරයාට තහනම් කළ සෑම නගරයකම යූඇන්පී අභියෝග තුට්ටුවකට මායිම් නොකොට ජයග්රාහි ලෙස පැවැත්වූවා.
දෙල්ගොඩ පිහිටා තියෙන්නේ රනිල්ගේ බලප්‍රදේශය වූ බියගම ආසනයේය. රනිල්ගේ ප්‍රධාන බොඩිගාර්ඩ් වූයේ වයස අවුරුදු 12 ක දැරියක් කෙලසා වසර 20 ක සිරදඬුවමක් ලබා ජනාධිපති සමාවෙන් නිදහස් කරගත් ගෝනවල සුනිල්ය. දෙල්ගොඩ ජවිපෙ රැළියට පහරදීම සඳහා රනිල් විසින් පවරන ලද්දේ ගෝනවල සුනිල්ටය. රැළියට පහර දෙන බව පුන පුනා පවසද්දී ජවිපෙ වේදිකාව ඉදිකළේය.
රාගම සෝමෙ සහෝදරයා වේදිකාව ආසන්නයේ පොලු මුගුරු බයිසිකල් චේන් රැස්කර වෙනම කණ්ඩායමක් රැඳවුයේය. තල්පාවිල ධර්මේ සහෝදරයා මෝටර් සයිකල් 50 ක පමණ ආරක්ෂක වලල්ලකින් රෝහණ සහෝදරයා රැළියට කැඳවාගෙන ආවේය. රැළිය ආරම්භ කළේ මෙසේ කියමිනි.
රනිල් මෙන්න විජේවීර දෙල්ගොඩට ආවා. උඹට පුළුවන් දේ කරපං…
ඒ සැනින් ගෝනවල සුනිල් තම සහචරයින් සමග වේදිකාව දෙසට හඹා එන්නට විය. එතෙක් ඉවසීමෙන් සිටි රාගම සෝමේ සහෝදරයා මෙහෙයවූ කණ්ඩායම පොලු මුගුරු අතට ගෙන ප්‍රහාරකයින් සිතා ගන්නට හෝ නොහැකි ලෙස දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ගෝනවල සුනිල් අතුළු මැරයින්ට සැතපුමක් තරම් දුරට එලව එලවා පහරදුන්නේ රනිල් විලිලැජ්ජාවට පත් කරමිනි. රනිල් මුහුණ දුන් මෙම ලැජ්ජාව වසා ගැනීමට දෙල්ගොඩ ආසන්නයේ පිහිටි බටලන්ද තරුණ සංහාරය සඳහා 1989 දී භාවිතයට ගත්තේය. රනිල්ගේ පවට කරගැසූ ගෝනවල සුනිල් අවසානයේ දේශප්‍රේමි වෙඩි පහරට ගොදුරුව තිරිසනෙකු ලෙස මියගියේය.