යාපනය පුස්තකාලය ගිනි තබා තමන්ගේ පුස්තකාලයද ගිනිතබාගත් අපූරු දේශපාලන ගජයෙකු ලෙස රනිල් වික්රමසිංහ හැඳින්විය හැක. යාපනයේ පුස්තකාලය ගිනි තබා නොමැකෙන කළු පැල්ලමක් ලංකා ඉතිහාසයට එකතු කළේ ගාමිණි දිසානායක සිරිල් මැතිව් ලෙස හංවඩු ගැසුවද එයට සෘජු සහයක් දැක්වූ තවත් දෙදෙනෙකු විය.
1981 පැවති සංවර්ධන සභා ඡංදය වෙනුවෙන් උතුරේ එජාප බලහත්කාරය දියත් කරවීමට ජේ.ආර්. ජයවර්ධන විසින් තමාගේ අතිශය විශ්වාසය දිනාගත් 4 දෙනෙකු යාපනයට පිටත් කර හැරියේ එජාප හිතවාදී පොලිස්කාරයින් මෙන්ම 1500 කට අධික මැරබලකායක් සමගය. උතුරේ ඡංද කොල්ලය සඳහා නායකත්වය දුන්නේ ගාමිණී දිසානායක සිරිල් මැතිව් ෆෙස්ටස් පෙරේරා හා රනිල් වික්රමසිංහය. උතුරේ ඡංද කොල්ලය අසාර්ථක වීමත් සමගම කෝපයට පත් එජාපය පොත් 97000 කින් පිරී තිබුණු යාපනය පුස්තකාලය තුළ පැට්රල් බූලි ගණනාවක් තබා ගිනි තබන ලදී. මේ ගින්න ඇවිලෙන විට ඒ අසල තානායමේ රනිල් ඇතුළු ඉහත කී ඇමතිවරු නවාතැන්ගෙන ගිනිදැල් නරඹමින් සිටියේය.
යාපනය පුස්තකාලය ඇතුළු බොහෝ ස්ථාන ගිනිතැබීම වෙනුවෙන් 1981 ජුනි 10 වන දින පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතුන. එහිදී කථාකළ අමිර්තලිංගම්ට උසුළු විසුළු කරමින් කෑකෝ ගසමින් බාධාකළ එජාප දේශපාළුවන් අතර ඉදිරියෙන්ම සිටියේ රනිල් වික්රමසිංහය. මේ අතර විවාදයට එක්වූ ශ්රිලනිප මංත්රි එස්.ඩී. බණ්ඩාරනායක මෙසේ කියා ඇත.
“මෙම ගිනිතැබීම් වලට පසුව මා යාපනයට ගිය. එහිදී ආගමික නායකයින් මෙන්ම මහජනතාවද මා හමුවුණා. සංවර්ධන සභා ඡංදය පැවැත්වෙද්දී සිරිල් මැතිව් ගාමිණී දිසානායක ෆෙස්ටස් පෙරේරා රනිල් වික්රමසිංහ යන ඇමතිවරුන් යාපනයේ සිටිබව වාර්තා වෙනවා “
මෙම ප්රකාශය හැන්සාඩ් ගතවිය.
එජාප අපතයින් විසින් උතුර ගිනිතබා පැතිරවූ ජාතිවාදී ගිනිදැල්ල වසර 30 ක් යනතුරු නිවන්නට නොහැකි විය. ඩොලර් බිලියන ගණනක දේපල හානිද දස දහස් ගණන් ජීවිත හානිද සිදුවූයේ ඒ මහා ජාතික අපරාධයට පසුවය. එස්.ඩී. බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී රනිල් වික්රමසිංහලාගේ නම කියා චෝදනා කරනවිට එය ප්රතික්ෂේප කළේ නැත. අදවනවිට උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි වහසි බස් දොඩන අපරාධකරුවන් හතර දෙනා අතරින් ජීවතුන් අතර සිටින එකම කෙනා රනිල්ය.