එළඹෙන මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ කුමන ආකාරයේ ජයග්‍රහණයක් ලබාවිද යන්න යම් නිශ්චිත නිගමනයක් පැවසීමට තවමත් අපහසුය. එහෙත් ඉදිරි මැතිවරණ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු රටේ වාමාංශික ව්‍යාපාරයට ලාංකීය සමාජය පිලිබඳ ලිට්මස් පරීක්ෂාවක් වනු ඇත. මැයි9, ජුලි 9 අරගල පසුකර ආ ජනතාව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පැවසූ ආකාරයේ වෙනත් ජනතාවක් බවට පත් වී ඇද්ද නොවෙසෙසොත් තව දුරටත් නයින්ට, සුමනදාසට, ජාතිවාදයට, රැවටෙන ජාතියක් බවට පත් වී ඇත්ද යන්න ලාංකීය ජනතාව ලොවට පෙන්වන දිනයක් බවට ඉදිරි මැතිවරණ පත්වන බවට දැනට දියහැකි එකම විග්‍රහය වේ.
මා පහත විග්‍රහය ඉදිරිපත් කරනු ලැබුවේ මීට වසර 10කට පෙර පක්ෂයේ ඇතිවුණු අර්බුධය හේතුවෙනි. එම කලබගෑනිය ඇතිවූ මුල් දිනයේ සිටම මා හට වැටහී ගිය කාරණය වූයේ එහි කිසිදු න්‍යායයික පදනමක් නැති හුදු පුද්ගලික කාරණා මත පමණක් ගොඩ නැගුනු ගැටුමක් බවට හොඳින් විද්‍යමාන වූ බවයි. මෙම විග්‍රහය මා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ 2015 එවකට ලක්බිම පුවත් පතේ පල වූ එක්තරා “ජවිපයේ වැටීම” නම් සංවාදයකට එක් වෙමින් එයට ප්‍රතිචාරයක් ලෙසින් වුවත් සංවාදය යම් න්‍යායික තලයකට තල්ලු කිරීමට මා දැරූ උත්සහය සාර්ථක වූයේ නැත. මෙම විග්‍රහය පුවත්පතේ පල වුයේ නැත.
රාජ්‍යය බලයක් නොමැතිව බලය මෙහයවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි ! — බාහිර නිරීක්ෂකයෙකුගේ ඇසින්
ලෝකයේ සියලු ධනේෂ්වර විප්ලවය අවසන් වූ රටවල බලය මෙහයවන රහසිගත කණ්ඩායම් රාශියක් ක්‍රියාත්මක වේ. මොවුන් එම රටවල ඒකීයභාවය, ස්වය්රිභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීම සදහා රටේ රාජ්‍ය වුයුහය තුල ඉතාමත් රහසිගතව සැලසුම් සකස් කරන පිරිසක් වේ. වඩාත් රැඩිකල් විප්ලවයක් සිදුවූ ප්‍රංශයේ මෙම කණ්ඩායම franc-macon ලෙස හැදින්වේ. ප්‍රංශ විප්ලවීය නායකයන් වන රෝබෙස්පියෙර්, ඩන්ටන්, නොයෙල් බාබෆ්, 1871 දී ජර්මන් ආක්‍රමණයට එරෙහිව සටන් වැදුණු සුප්‍රකට “පැරිස් කොමියුනයේ” කම්කරු ආණ්ඩුවේ නායකයින් වන ලුවිස් මිෂෙල්, බ්ලන්කි, ජාත්‍යන්තර ගීතය රචනා කල ඉයුජෙන් පොතියෙර් franc-macon කණ්ඩායමට අයත් සාමාජිකයින් වේ.
ප්‍රංශ විප්ලවයේ මධ්‍යගතකරණය වෙනුවෙන් පෙනී සිටි ජකොබන්වරුන් ලෙස පෙනී සිටියේ ද මෙම කණ්ඩායමයි. විප්ලවය සිදුවූ පසු කාලයේදීද රාජාණ්ඩුවාදීන් නැවත බලයට පැමිණි සෑම අවස්ථාවකදීම franc-macon කණ්ඩායම දැඩි මර්ධනයකට මුහුණ දුන්හ. විශේෂයෙන්ම පැරිස් කොමියුන සමයේදීත්, ප්‍රංශය 1940-1945 වසරවලදී නාසි ජර්මනියට යටත් වී සමයේදීත් ඔවුන්ගේ දරු පවුල් වලට පවා කරදර හිරිහැර වලට මුහුණ දීමට ඔවුනට සිදුවිය. තම රට කිසියම් විදේශීය ආක්‍රමණයක ඍජු ගොදුරක් බවට පත් වූ අවස්ථා වල දේශප්‍රේමින් ලෙස ආයුධ අතට ගනිමින් සටන් කිරීම මෙම කණ්ඩායමේ එක් ප්‍රධාන අරමුණක් ලෙස සැලකිය හැක. මානවවාදය, මානුෂික අයිතිවාසිකම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඔවුහු සටන් කරති.
එසේම ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන අරමුණු වන නිදහස, සහෝදරත්වය, සමානාත්මතාවය, රජයේ නිර්ආගම්වාදිකර්ණය, රාජ්‍ය පද්ධතිය තුල මහාපරිමාණ දුෂණ සිදුකරන දුෂකයින් නීතියේ රැහැනට අසු කර කරගැනීම සදහා රටේ සියලුම පක්ෂ වල සාමාජිකත්වය(අන්ත ජාතිවාදී දක්ෂිණාංශික ජාතික පෙරමුණ හැර) දරමින් මෙම අරමුණු සදහා අරගල කිරීම මොවුන්ගේ අනෙකුත් ජනරජවාදී කාර්යයන් . මැතකදි ඉස්ලාම් තස්ත්‍ර ප්‍රහාරයට ලක්ව මියගිය පුවත් පත් කලාවේදීන්ගේ ඇතැමුන් මෙම රහසිගත කණඩායමට අයත් බව පසුව එම සංවිධානය විසින් හෙළිදරව් කරන ලදී.
මියයනතුරුම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හා රහසිකත්වය හා අනන්‍යතාවය ප්‍රංශ රාජ්‍යය ව්‍යුහය හා ඔවුන්ගේ සංවිධානය විසින්ම ආරක්ෂා කරනු ලබයි. ඒ අනුව මෙම franc-macon කණ්ඩායම ප්‍රංශ රාජ්‍යතන්ත්‍රණය තුල සිටින රහසිගත රාජ්‍ය කණ්ඩායමක් ලෙස හැදින්විය හැක.
මාක්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි මෙම සංවිධාන හැදුන්වුයේ විප්ලවීය අරමුණු මොට කරනු ලබන පන්ති සයෝගිතාවය වර්ධනය කරනු ලබන සංවිධාන ලෙසය. වුර්තිකයින්, බුද්ධිමතුන්, දාර්ශනිකයින් ඉහල පන්තියේ පිරිස් වල සිට පහලම කම්කරුවන් දක්වා සාමාජිකයින් මෙම franc-mason සංවිධාන වල ගොනු වී සිටි.
කෙසේ වෙතත් අර්බුධ අවස්ථාවලදී සමාජය වෙනස් කරලීම සදහා ඔවුන්ගේ සිදු වූ දායකත්වය අපට නිර්ණය කළහැකි වනුයේ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරීත්වයන් ඇරිස්ටෝටල් පෙන්වූ පරිදි කාලය, අවකාශය, අවස්ථාව, අරමුණ, ප්‍රමාණය, ගුණාත්මකභාවය, පවතින විෂයරූපිකරණය, අර්බුදයේ ස්වභාවය අනුවත් අවසානයේදී එකිනෙකාගේ දේශපාලන දර්ශනය අනුවත් වෙනස් වී ඇති බවය.
ප්‍රංශ ධනපති විප්ලවීය නායකයින් වන රෝබෙස්පියෙර්ගේ සිට අන්ත වාමාංශික වන (anarichist) ලුවිස් මිෂෙල් එකම සංවිධානයක සමාජිකයින් වීම හා දේශපාලනිකව වෙනස් විප්ලව දෙකක් සදහා සිදුවූ ඔවුන්ගේ දායකත්වය හා එකිනෙකට වෙනස් වූ සමාජ ක්‍රියාකාරිත්වය මෙම යථාර්තය සනාථ කරනු ලබයි.
එනම් ඔවුන් තුල පැවති ලක්ෂණය වුයේ ඇතිවන තත්වයන් සමග පවතින ක්‍රමය සමග රැඩිකල් ලෙස වෙනස් වීමට හා බිදී යාමට තිබු හැකියාවයි. (selfseparation). එය සනිහුටන් වනුයේ එහි වමේ නියෝජිතයින් සමාජය තුල ලබන ජයග්‍රහණ සමගිනි.
ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වන හොබ්ස් වසින් රචනා කරන ලද අදුශ්‍යමාන බලය(leviathan) සදහන් කරනු ලබන්නේ යුද්ධය සැමවිටම සමාජයට වේදනාව, වයිරය, විනාශය කැදවීම නිසා සතුනට නොමැති උසස් චරිත ලක්ෂණයන් වන යුක්තිය හා අයුක්තිය, සාධාරණත්වය, හොද හා නරක තේරුම් ගත හැකි මිනිසා අවසානයේදී සමාජ සම්මුතියකට(social contract) එකග වන බවය. මෙම සමස්ත ක්‍රියාදාමය සමාජ සාමය සදහා අත්සන් කරනු අවසන් සම්මුතියක් වන බවත් එය රජය නමැති සංකල්පය ඉපදීමට අවශ්‍ය උත්පේරණය සැපයු බව හොබ්ස් විසින් අවධාරණය කරනු ලැබුණි.
වසර 70 ක් පුරාවටම විවිධ ගැටුම් වලට මුහුණ දී අමිහිරි අත්දැකීම් අත්දුටු ලාංකීය සමාජය සාමය, ආරක්ෂාව සදහා සියලුම අතීතයේ සටන් වැදුණු යුධකාමීන් එකම විධායක සභාවකට එක් වී සාකච්චා කරන ලෙස බල කර ඇත. සමස්ථ ජනතාවගේ නිදහස, ආරක්ෂාව, සමානාත්මතාවය තහවුරු කරදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබ ඇත. අද දිනයේ ලාංකීය දේශපාලන සංස්ථාව හා සමාජය තුල ජනතා විමුක්ති පෙරමුණේ තහවුරු වීම හා එහි එයතිහාසික භූමිකාව අප විග්‍රහ කර ගත යුත්තේ මේ ආකාරයටය.
ලෝක කම්කරු පන්ති ඉතිහාසය මැනවින් අධ්‍යනය කිරීමේදී අපට සාක්ෂාත් කරගත හැකි කාරණයක් වනුයේ ඉතිහාසයේ සෑම පාලක පන්තියක්ම නැග එන විප්ලවීය ව්‍යාපාර මර්ධනය කරලීම සදහා විටෙක ඍජු මර්ධනයක් ක්‍රියාත්මක කරලීමත්, විදේශීය හමුදාවකට ආරාධනා කර එය විනාශ කරලීමත්, ජාතිවාදය බෙදුම්වාදය, ආගම්වාදය අවුස්සා නිර්ධන පන්තිය බෙදා කෙටවිමත්, ඉතිහාසයේ දෙවරක් වූ පරිදිම සමාජවාදය හෝ වම නමින් සමාන්තර සංවිධාන බිහි කිරීමත් එසේ නොවුනහොත් අවසන් විසදුම ලෙස නිර්ධනපන්තියට ආර්ථික කප්පම් ලබාදී ඔවුන්ගේ ජිවන තත්වය තාවකාලිකව උසස් කරලීමේ කෙනෙසියානු ආර්ථික මොඩලය ලෙස හදුන්වන රජයේ මැදිහත් වීමෙන් ලබාදෙන සුබසාධක ආර්ථික ක්‍රම වේදය ද හදුන්වාදීම සිදුවේ.
අද එජාපයේ සිටින ඇතැම් අර්ථික විශාරදයින් යෝජනා කරනුයේ මෙම අවසන් විසදුමයි. එහි දී දයාන් ජයතිලක මහතා නැවතත් අසාර්ථක වැඩකට ඇත ගහමින් රාජපක්ෂ ඉදිරියට දමා අතීතයේ විජය කුමාරණතුංග සමග කල පරිදිම මහින්ද සමග එක්වී “වමේ අධිරාජ්‍යවාදී විරෝධී පෙරමුණක්” නිර්මාණය කරමින් සිටි. සැබෑ දයාන් හෙළි වී ඇත. වෙනස් වන තත්වයන් තුල අනාගතයේදී තව තවත් අය මෙසේ හෙළිදරව් වනු ඇත.
1965 වර්ෂයේ දී රෝහණ විජේවීර විසින් නිර්මාණය කරන ලද මෙම වසරේදී වසර පනහ සමරණ ජනතා විමුක්ති පෙරමුණට තවමත් අප රට පාලනය කරලීමට නොහැකි වුයේ ඇයි ? අද ලක්බිම පුවත්පත විසින් අසන මුක්‍යය ප්‍රශ්ණය මෙයයි. අප මෙම සියලුම දේ මොහොතකට අමතක කර 1965 සිට අද දක්වා ලාංකීය දේශපාලන ගමන් මග ජනතා විමුක්ති පෙරමුණ නොමැතිව සිදුවුවා යයි උපකල්පනය කළහොත් ලැබෙන පිළිතුරු හා උපකල්පන කුමක් වේ ද ?
ජාතිකත්වයන් මත බෙදී ගිය, අසළවැසි ඉන්දියන් රාජ්‍යයේ හෝ වෙනත් විදේශීය අධිරාජ්‍යවාදියෙකුගේ ඍජු ගොදුරක් බවට පත් වූ, ලෝකයේ ඕනෑම රටක සිට පැමිණෙන ඕනෑම තොරෝම්බෝල් කාරයෙකුට පිනුම් ගැසිය හැකි බිමක් බවට හෝ තුන හතරකට කැඩුණු රටකට ද හිමිකම් කියන රටක් බවට පත් වීමට ඉඩ තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය ලාංකීය බිම තුල රෝපණය වනුයේ ලෙයින් හා යකඩින්ය. එම දර්ශනයේ නියමුවා එහි නිර්මාතෘ රෝහණ විජේවීරය.
ජනතා විමුක්ති පෙරමුණ බිහිවනුයේ සොවියට් ලුමුම්බා සරසවියේ ඉගෙනගනිමින් සිට එම රට තුල සිදුවූ නිලධාරිවාදයේ හිස් එසවීම හා මාක්ස් වාදයේ පිලිපැනීම තම ජිවන අත්දැකීම් තුලින්ම අත්දුටු පුද්ගලයෙකු ගෙනි. විජේවීර යනු ප්‍රශ්ණය ඇල්ලිය යුත්තේ එහි මූලධාතුවෙන් යන්නත් එය කලහැක්කේ මිනිසාටම පමණක් යන්න තරයේ විශ්වාශ කල පුද්ගලයෙකු විය. ඒ සදහා තව දුරටත් මනොරාජිකව අහසේ(celestial ) ජිවත්වුන පැරණි වාමාංශික පක්ෂවල සිටි විප්ලවවාදියා ප්‍රයෝගික බිමෙහි(terrestrial) ජිවත්වන ක්‍රියාකාරී විප්ලවවාදියෙකු බවට පත් කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ යනු පැරණි වමේ පන්ති සහයෝගිතා දේශපාලනය විසින් ඇතිකරන ලද හිඩැස තුල බිහිවූ විප්ලවීය ව්‍යාපාරයකි.
එසේම ඔහු තම පක්ෂය මිලිටරි පන්නයේ(රෝසා ලුක්සම්බුර්ග්ට අනුව) ලෙනින් විසින් බිහි කරන බෝල්ෂෙවික් පක්ෂ වුයුහයකට උරුමකම් කියනු ලබන දැඩි විනයකට යටත් කරනු ලැබීය. ලාංකීය දේශපාලන ඉතිහාසය තුල දැඩි මධ්‍යකරණයකට(centralism democratic) ලක් කල ප්‍රථම විප්ලවවාදී ව්‍යාපාරය ඔහු වසින් බිහි කරනු ලැබිය. ඉහල සිට පහළටත් පහල සිට ඉහළටත් , සුළුතරය බහුතරයට අවනත වන, දේශපලන මණ්ඩලය මධ්‍යම කාරක සභාවට වගකියන පක්ෂ කොන්ග්‍රසයට සියලුම දෙනා යටත්වන පදනම මත ප්‍රතිවිරෝධතාවයන්(contradiction) වර්ධනය වන සංවිධාන රටාවක් ද හදුන්වා දී ඇත.
ඔහු මුට්ට කාසි දේශපාලනය සමාජ සේවයක් බවට(voluntary force) පත් කළේය. පක්ෂයේ සාමාජිකයින්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් වන කෑමබීම, නිවාස, සපුරා ගැනීම සදහා පක්ෂය රටේ තවත් ආගමික කණ්ඩායමක් වන භික්ෂු සමාජය ද ඔහු පක්ෂය තුලට ඇද ගන්නා ලදී. විශේෂයෙන්ම දුෂ්ටිවාදීව ධනේශ්වර සමාජයේ නිර්ධනයින්ට බණ, බෝධි පුජා, දන්සැල්, අධිෂ්ඨාන පුජා සංවිධානය කල භික්ෂු සමාජය භෞතිකකරණය කරලමින් ඔවුනට විප්ලවීය වගකීම්(praxis) පවරන ලදී. මෙය ඒ දක්වා පැවති ගිහි හා භික්ෂු සියලු දුෂ්ටිවාදයන් භෞතිකරණය(predicat) සදහා අවශ්‍ය මාවත විවුර්ථ කරන ලදී. එසේම එය අපුරු සන්ධානයකට මග විවුර්ථ කෙරන ලදී. එය පන්සලේ සුපිරිසිදු(spiritual) ජිවන රටාව තුලින් ඔපවත් වුනු අල්පේච්ච ජිවිතයකට මුලිකතත්වය ලබාදෙන පැය 24 පුරා වැඩ කරන සමාජ සේවකයෙකු නිර්මාණය වීමට ඉඩ සලස්වන ලදී.
අද දිනයේ පසුගාමී ධනපති පන්තියේ නියෝජිතයින් තමන් අර්ධ සමාජ සේවකයෙකු ලෙස හෝ සමාජයට පෙන්නුම් කිරීමට උත්සහ කලද තවදුරටත් තම වංක සිත් තුල හොල්මන් කරන තමන්ට තවදුරටත් එක් වීමට අපෝසත් ජනතා විමුක්ති පෙරමුණේ භාවිතාව වන්නේ මෙම ජිවිත චර්යාවයි. සමාජ අපවාදයෙන් මිදීම සදහා තමන්ට විනය පටිපාටියක් සකස් කර දෙන ලෙස ජේවීපී නායකත්වයෙන් ඉල්ලා සිටි. ජනතා විමුක්ති පෙරමුණේ මිය ගිය ලක්ෂ දෙකකට අධික සාමාජිකත්වයට ලාංකීය පාලක පන්තිය ලබාදුන් ප්‍රථම ගෞරවය මෙය වේ.
නමුත් ඔවුනට සාධාරණය හා යුක්තිය ඉටුවියයුත්තේ ඔවුන් පැතු ලෝකය බිහිකිරීමෙන් පමණි. එහි විවාදයක් නොමැත.
අවසන් අරමුණ වන සමාජවාදය ජයග්‍රහණය කරලීම සදහා පක්ෂයේ හිස දර්ශණය මගිනුත් එහි හදවත නිර්ධ්නපතිය විය යුතු බවට මාක්ස් විසින් පැවසූ උද්දුර්ත වාක්‍යය මත යමින් ඔහු පන්ති පහක් තම සාමාජිකයින්ට හදුන්වා දුන්නේය. එමගින් ඔහු පක්ෂ සාමාජිකත්වය අධ්‍යාපනයෙන් සන්නද්ධ කරනු ලැබිය. ඔහු ලාංකීය සමාජය තුල යටත්විජිත සමය හා එහි ප්‍රතිපලයක් ලෙස බලෙන් ආරෝපනය කරනු ලැබූ වෙස්මිනිස්ටර් ක්‍රමය පිලිබදව ආර්ථික කොන්දේසි වීසින් ඇති කරන ලද ධනේශ්වර සංවර්ධනය යන සංකල්ප මත සිටමින් මාක්ස්වාදී විග්‍රහයක් සිදු කල ප්‍රථම වාමාංශික නායකයා විය.
බ්‍රිතාන්‍ය කිරීටය විසින් සමස්ථ රට මධ්‍යගතකරණය කරලීම ඔහු දුටුවේ මේ ආකාරයටය. ” මුළු රටම එකම ආණ්ඩුවක් යටතේ එකම පාලන ක්‍රමයක් තුල ජාතිකව බෙදීම් වලින් තොරව උතුරු, නැගෙනහිර, බටහිර දකුණ, හා මධ්‍යම යනුවෙන් පළාත් 5 කට බෙදා එකම නීතියක් යටතේ එකට එකතු කරන ලදී. මෙය ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය තම යටත් විජිත උවමනාවන් සපුරා ගැනීමට යාමේදී අචේතනිකව ඉටුකළ ප්‍රගතිශීලී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යකි” . (දෙමල ඊළාම් අරගලයට විසදුම කුමක්ද 157 පිටුව)
විජේවීර ගේ සතුරන් අදත් කිසිදු ශක්තිමත් තර්කයක් (concret) ඉදීරිපත් නොකරමින් ඉදිරිපත් කරන ආකාරයට ඔහු පිලස්තීන සිංහල ජාතිවාදියෙකු වුයේ නැත. හේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම රට තුල සිදුකල ප්‍රගතිශීලී කාර්යයන් අගයකල නූතනයෙකු විය. මේවැනි ප්‍රකාශ වෙනත් අෆිර්කානු, ලතින් ඇමරිකානු ජාතික නායකයින් මගින් සිදු නොවූ ප්‍රකාශයන් වූ අතර ඇතැම්විට ඔවුන්ගේ සමහර ප්‍රකාශ අන්ත සුදු ජාතික විරෝධී සටන් පාඨ විනි. විජේවීර අතින් මෙවැනි ජාතිවාදී අදහස් පිටවූ බවට සාක්ෂි නොමැත. එය 87-89 කාලයේ අසල්වැසි ඉන්දියන් ජනතාවට එරෙහිව සිදු වුයේද නැත.
තම ඉන්දියන් විරෝධය තුලදීද ඔහු ඉලක්ක කරනු ලැබුවේ දිල්ලි පාලනය විනා ඉන්දියන් ජනතාව නොවේය. ඉන්දියාව තුල ක්‍රියාත්මකවූ හා ක්‍රියාත්මකවන බෙදුම්වාදී ව්‍යාපාර හෙලා දැකු ඔහු ඉන්දියන් ඒකීය භාවය හෙවත් ඉන්දියන් ජාතික ව්‍යාපාරය ගොඩනගා සංවර්ධනය කල ධනේශ්වර මධ්‍යගතකරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටියේය. ත්‍රිකුණාමලය වරාය ඉලක්ක කරගනිමින් රට තුල ගැටුම් උපයෝගී කරගනිමින් බටහිර ජාතින්ගේ අත පෙවීම් වලට හා අසල්වැසි ඉන්දියාවේ ව්‍යාප්තවාදයට ශ්‍රී ලංකාව ගොදුරු වියහැකි බවට ඔහු අනතුරු දක්වුයේය. එසේම 21 වන සියවසේදී ඉන්දියාව, චීනය, රුසියාව හා ඇමරිකාව ලෝකයේ ප්‍රධාන රාජ්‍ය ගණනාවට ඇතුළු වන බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය(දෙමල ඊළාම් අරගලයට විසදුම කුමක්ද 170 පිටුව) .
ඔහු කිව් සියලු සත්‍යන් බවට පත් වී ඇත. පැහැදිලිවම විජේවීර දේශපාලන පේනදකින්නෙකු(vissionnaire) විය.
60 දශකය අගභාගය වනවිට ඔවුහු අගනුවර හා වතු කම්කරු ප්‍රජාව අතරටද තම ප්‍රචාරක ජාලය වර්ධනය කරනු ලැබිණි. පාලකයන් හා පැරණි වම කලබලවුනි. මර්ධනය ත්‍රිව කෙරිණි. 1971 අරගලයේදී සිදුවන දැවැන්ත මර්ධනය විසින් ජනතා විමුක්ති පෙරමුණ නව මාවතකට තල්ලු කරනු ලබනුයේ එම අරගලය මර්ධනය කරලීම සදහා සමාජවාදී රාජ්‍ය සියල්ලම(කියුබාව හැර) ලෝකයේ අනෙකුත් ධනපති රාජ්‍යයන් වන ඇමරිකාව, ඉන්දියාව සමග අත්වැල් බැද ගැනීම නිසාවෙනි. එපමණක් නොව ට්‍රොට්ස්කිවාදී 4 වැනි ජාත්‍යන්තරයේ සහයද හිමිවුයේ ජෙවිපය මර්ධනය කිරීමටයි.
එය ලෝකයේ වමේ සමාජ ව්‍යාපාරයකට එරෙහිව ගොඩනැගු ප්‍රථම අපුර්ව ස්ටලින්වාදී-ට්‍රොට්ස්කිවාදී අන්ත ප්‍රතිගාමී එකමුතුවක් (saint-alliance) විය. අවාසනාවකට එය ලාංකීය ඉතිහාසයේ දෙවරක්ම සිදුවිය.
අවසාන විග්‍රගයේදී ජනතා විමුක්ති පෙරමුණේ න්‍යායික පදනම මාක්ස්-ලෙනින්වාදය බවට පත්කරනුයේ මෙම මර්දනය විසිනි.
එතැන් සිට ඒ දක්වා තවදුරටත් පෙනී සිටි මාවෝවාදයෙන් මිදී මාක්ස්-ලෙනින්වාදය පමණක් ඉලක්ක කල ස්වාධීන මාවතක ගමන් කරලීමට එම පක්ෂයට හැකිවිණි. එහිදී ස්ටාලින්, ට්‍රොට්ස්කි, මාවෝ වැනි විප්ලවිය නායකයින්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප නොකරන හා මර්ධනයට ඍජුව සහය දැක්වුවද එම රාජ්‍යයන් සමග දිගටම සම්බන්ධකම් පැවැත්වීමටත් 71 අරගලයෙන් පසුව පක්ෂයට ඉදිරිපත් කරන ලද ස්වයංවිවේචනයේදී ඒකමතිකව තීරණය කරන ලදී. මෙය ජාත්‍යන්තරය තුල පක්ෂයේ වර්ධනය සදහා අත්‍යවශ්‍යය උත්පේරකයක් පසුකාලීනව ලබාදෙනු ලැබිණි.
විශේෂයෙන්ම යුරෝපය තුල ක්‍රියාත්මකවන ස්ටාලින්වාදී, ට්‍රොට්ස්කිවාදී, මාවෝවාදී සියලුම පක්ෂ වල සහය ඔවුනට ලබාගැනීමට මෙයින් හැකිවිණි. විශේෂයෙන්ම් තමන්ට මර්ධනය කරලීමට සහය දුන් සමාජවාදී රටවල් සමග තවදුරත් සම්බන්ධකම පැවැත්වීමට තීරණයකරලීම තුල දක්නට ලැබෙනුයේ රෝහණ විජේවීර තුල පැවතී රාජතාන්ත්‍රික විචක්ෂණභාවයයි. එනම් තමන් සතුරෙකු නොවන්නා සේම සුවච කීකරු කුක්කෙකු නොවන බවට කෙරෙන ප්‍රතිපත්තියයි. අද චීනය හා රුසියාව විසින් කරනු ලබන ආර්ථික මැදිහත්වීම විවේචනය කරලීම සම්බන්ධයෙන්ද ජනතා විමුක්ති පෙරමුණට චෝදනා ඉදිරිපත් වෙමින් සිටීම තුල දක්නට ලබුනුයේද පක්ෂයේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපලයයි.
ජාතිකව හා ජාත්‍යන්තරව 1977 න් පසුව නිදහස ලබා ඉදිරියට එන එකම වමේ පක්ෂය බවට පත් වුයේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වනවිට රට පුරා නාගරික කම්කරු පන්තිය තුළටත්, මධ්‍යම කදුකරයේ වතු කම්කරු ප්‍රදේශ වලටත්, උතුරු නැගෙනහිරටත් ජවිපෙ දේශපාලනය කාන්දු වීම ආරම්හ විනි. මේ වනවිට උතුරේ වාමාංශික බුද්ධිමතුන් සමග ස්වයං තීරණ අයිතිය සම්බන්ධයෙන් සංවාදයක් විජේවීර විසින් ආරම්හ කර තිබිණි. එසේම 1983 මැයි දිනයට උතුරු නැගෙනහිරින් හා මධ්‍යම කදුකරයෙන් ජනතාව ඉතා විශාල වශයෙන් සහභාගිවීම දක්නට ලැබිණි.
මෙය ජයවර්ධන රජය එතරම් ඉවසූ ප්‍රවනතාවයක් නොවේ.
කෙසේවෙතත් එය දිගටම සිදුවීමට ඉඩ හැරියානම් උතුරේ බෙදුම්වාදී ව්‍යාපාර බිහිවීම අවම වීමට ඉඩ තිබිණි. උතුරේ හා නැගෙනහිර වඩාත් පීඩිත පිරිස් හට ඒ වනවිටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නිරතවූ ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගනිමින් කොටි සංවිධානය වැනි අන්තවාදී සංවිධානයක් ප්‍රතික්ෂේප කරලීමට ඉඩ තිබිණි. ඒ වනවිටත් එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන එන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාව හා ත්‍රස්ථවාදය වැලක් වීමේ පනතට එරෙහිව(PTA) උතුරු හා දකුණු පාලම බැදෙමින් තිබිණි.
නමුත් ජයවර්ධන රජය සිදුකලේ කලු ජුලියට මුවා වී උතුර හා දකුණ එකම පෙරමුණකට ගෙන ඒමට උත්සහ කල ජෙවිපය තහනම් කිරීමයි.
එසේම 1982 තම පාලනය දීර්ග කරගැනීම සදහා පවත් වන ලද ව්‍යාජ ජනමත විචාරණය දුෂිත බව පවසා එයට අභියෝග කරමින් ශේෂ්ටාධිකරණයේ නඩුවක් 1971 තම සගයින් 20000 ක් මරාදැමීමට අණ දුන් සමගි පෙරමුණු රජයේ රාජ්‍ය ආරක්ෂක ඇමති ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සමග එක්වී පැවරීම පිළිබදවද ජයවර්ධන රජය විජේවීර සමග වයිර බැදගෙන තිබිණි.
අද දිනයේ සමහර හිටපු පුර්ණ කාලීනයන් යයි කියාගන්න පිරිස් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය තම සගයින් 60000 ක් මරපු එජාපය හා ප්‍රා කණ්ඩායම සමග එක් වී ඇතැයි කියන විට විජේවීර ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සමග එක්‌වීම පිලිබදව මුනිවත රකිනුයේ රාජපක්ෂ පාලනය පෙරලීම පිලිබදව ඇති කෝපය නිසා මිසක විජේවීරගේ පවුලේ අය, දරුවන්, හා මරාදැමුනු දහස් සංඛ්‍යාත ජවිපෙ සාමාජිකයින් පිලිබදව ආදරයක්, ගෞවරවයක් නිසා නොවන බව අප තේරුම් ගත යුතුව ඇත. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පුර්නකාලිනයෙකු යයි කියා ගැනීම තුලින් සමාජයට විදහා පෙන්වන හුදු මෝහනය(fantasy) හැරෙනුකොට මොවුන්ගේ ජීවිත තුල කිසිදු වටිනාකමක් හෝ සාරයක් (substance )නොමැති හිස් මිනිසුන් පමණක් බව දැනට ලියා තැබීම සෑහේ.
ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් ඒ වනවිටත් ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් උතුරේ හා දකුණේ වාමාංශික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති සංවාදය අතර මග නතර විනි. එතැන් සිට සිදුවුයේ ජෙවිපය සිංහල ජාතිවාදී පක්ෂයක් බවට මතුපිට දේශපාලන පක්ෂ හා රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපුන පිරිස් උතුරු හා නැගෙනහිරත් දකුණේ වමේ කොටස් තුලත් ප්‍රචාරය කිරීමයි.
අනෙකුත් සියලුම ප්‍රශ්ණ සදහා මෙන්ම ජාතික ප්‍රශ්ණය අරභයාද විජේවීර ඉදිරිපත් කරන විග්‍රහයේ මුලික පදනම වනුයේ බ්‍රිතාන්‍යයන් විසින් කෘතිමව හදුන්වාදුන් ධනේශ්වර ආයතන හා ශ්‍රී ලංකාවේ එතැන් සිට සිදුවූ ධනේශ්වර සංවර්ධනයයි. එය ඍජුවම එයතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනය හා ලෙනින් පෝලන්තය සම්බන්ධයෙන් දැක්වූ අදහස් සමග සමපාත වේ.
ධනේශ්වර ජාතීන්ගේ සම්භවය මාක්ස් මෙසේ විස්තර කරනු ලබයි.
“ජනගහනයේත්, නිෂ්පාධන මාධ්‍යන්ගේ හා දේපොලවලත් විසිර තිබීමේ තත්වය වඩ වඩාත් අහෝසි කරලීමෙහි ධනපති පන්තිය යෙදී සිටි. එය ජනගහනය රාශිබූත කළේය. නිෂ්පාධන මාධ්‍යයන් මධ්‍යගත කළේය. දේපොළ අයිතිය ටික දෙනෙකු අත සන්ක්‍රෙන්ද්‍රනය කළේය. මෙහි අත්‍යවශය ප්‍රතිපලය වුයේ දේශපලන මධ්‍යගතකරනයයි. ස්වාධීනව හෝ ලිහිල් ලෙස සම්බන්ධව පැවතී වෙනස් වුවමනාවන් සහිත වුවද, නීති, ආණ්ඩු හා අයබදු පද්ධති වලින් යුක්ත වුවද ප්‍රදේශ, එකම ආණ්ඩුවක්ද, එකම නීති සංග්‍රහයක්ද, එකම ජාතික පන්ති උවමනාවක්ද එකම දේශසීමාවක්ද සහ එකම තීරුබදු ක්‍රමයක්ද සහිත එකම සහිත එකම ජාතියක් තුලට ඒකරාශිකරන ලදී” (එයතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශණය)
ඒ අනුව “ජාතිය” යනු සංකල්පයට මාක්ස් ලබාදෙනුයේ ආරථික විග්‍රහයකි. ඒ අනුව යමින් විජේවීර මෙහිදී ලංකාවේ ධනේශ්වර ජාතිය බිහිවූ ආකාරය මෙසේ සංශිප්ත කරනු ලබයි.
“කොල්බ්රූක්-කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් එනම් මුළු රටම එකම පාලනයක් හා එකම නීතියක්ද, එකම අධිකරණ පද්දතියක් ගෙන ඒමත්(යාපනයේ තෙසවලාමයි නීතියත්, උඩරට විවාහ නීතියත්, මුස්ලිම් නීතියත් තවදුරටත් පවතින්නට හරි) රාජකාරි අහෝසි කර නිදහස් ශ්‍රම වෙළද පොළක් බිහි කිරීමත් ජාතික වෙළද පොලක් බිහි කිරීමත්, එය ජාත්‍යන්තර වෙළදපොළ හා ගැට ගැසීමත්, වෙස්මිනිස්ටර් ක්‍රමයේ බීජයන් රෝපණය කිරීමත් මගින් ධනේශ්වර ක්‍රමයේ වර්ධනය සදහා අත්‍යාවශ්‍යක වුයුහාත්මක වෙනස්කම් සිදුකරන ලදී. (දෙමල ඊළාම් අරගලයට විසදුම කුමක්ද 158 පිටුව)
එහි දී විජේවීර විසින් ඉදිරිපත් කරන ලද අනෙකුත් තර්කය වුයේ අනෙකුත් ධනේශ්වර රටවල මෙන් ශ්‍රී ලංකාවේ ධනේශ්වර ජාතිය බිහිවනුයේ 10% ක් පමණ වූ ඉංග්‍රීසි කතාකරන සුළුතරයක් වූ යටත්විජිත ස්වාමියා සමග ඍජු සම්බන්ධකම් පැවැත් වූ සිංහල, දෙමල, මුස්ලිම් හා අනෙකුත් ජාතීකත්වයන්ට අයත් ප්‍රභූ පැලන්තිය(elites) අතර පමණි. මොවුන් අතර විවාහ ආවාහ, වෙළද සම්බන්ධකම් සිදුවූ අතර ජනගහනයෙන් ඉතුරු පිරිස අතර සතුරු බව වර්ධනය වූ ස්වියකරණය නොවූ ජාතිකත්වයන් තුනකට අයත් ප්‍රජාවන් තුනක් ලෙස වර්ධනය වූ බව විජේවීර පෙන්වා දෙන ලදී.
“එක්පැත්තකින් ජාතික වෙළද පොලක් නිර්මාණය කරමින් ජාතික ජාතික රාජ්‍යකට අත්තිවාරම දමමින් මුළුමහත් දිවයිනම එකම ධජයක්, එකම නීතියක්, එකම පාලනයක් යටතට ගෙනා අධිරාජ්‍යවාදී ධනපති පන්තිය අනික අතට ජාතිකත්වයන් ස්වීකරණය නොවන තැනටත් ජාතිකත්වයන් අතර වෙනස්කම් අසමගිය හා සතුරු භාවයන් රැකෙන හා වැඩෙන අයුරියනුත් ක්‍රියා කළහ. මෙම දෙබඩි ස්වරුපය අධිරාජ්‍යවාදයේ ලක්ෂණයකි. එය අධිරාජ්‍යවාදයේ ලක්ෂණයකි”. (දෙමල ඊළාම් අරගලයට විසදුම කුමක්ද 158 පිටුව).
ඒ අනුව දෙමල ජාතියට පමණක් ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම සමස්ත පොදු අරගලය මොට කරන බවට විජේවීර වීසින් තර්ක කරනු ලැබුයේ ලෙනින් විසින් පෝලන්ත නිදහසට සහයෝගය දක්වනු ලබනුයේ පෝලන්තයේ ධනේශ්වර සංවර්ධනය රුසියානු වැඩවසම් ආර්ථික රටාවට වඩා ඉතාමත් ඉහල මට්ටමක පැවති බවට අවධාරණය කරමින් බවය. එසේම රුසියානු විප්ලවය සිදුවූ වහාම රුසියාවේ සමාජවාදී දේපල ක්‍රමය ධනේශ්වර පෝලන්තයේ දේපළ ක්‍රමයට වඩා උසස් හා ප්‍රගතිශීලී බවට සලකාත් එසේම ළදරු සමාජවාදී රාජ්‍යයේ ආරක්ෂාව සදහාත් පෝලන්තයේ සමාජවාදය ඇතිකරලීම ඉලක්ක කරමින් රතු හමුදාව යැවු බවට විජේවීර පෙන්වා දෙනු ලැබිණි.
ඒ අනුව එයතිහාසික පංති දුෂ්ටිය අනුව සලකා බැලීමේදී එනම් ධනේශ්වර සංවර්ධනයේ ප්‍රගතිය අනුව සැලකිල්ලට ගනිමින් දෙමල ජාතිකත්වය සදහා පමණක් වූ ස්වයං තීරණ අයිතිය විප්ලවය පමා කරන ඉල්ලීමක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කරන ලද අතර දෙමල ඊළාම් බෙදුම්වාදී සංවිධාන ඉන්දියන් අධිරාජ්‍යවාදීන්ගේ සහය ලබන රුසියානු නරෝද්නික් පන්නයේ ත්‍රස්ත්‍රවාදී සංවිධාන ලෙස සලකා මර්ධනය කලයුතු බවටද අවධාරණය කරන ලදී.
නමුත් විජේවීර කිවූ දෙය තේරුම් ගැනීමට හෝ තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් නොමැතිවීම නිසා හෝ අපෝසත් වූ නිසා හෝ අනෙකුත් වමේ පක්ෂ විජේවීරට සිංහල ජාතිවාදී ලේබලය අලවන ලදී. මෙයින් සිදුවුයේ දකුණේ පක්ෂ කෙරෙහි දෙමල ජනතාවගේ විශ්වාශය බිද වැටී ඔවුන්ගෙන් විශාල පිරිසක් කොටි සංවිධානයේ අන්තවාදය දෙසට තල්ලු වීමයි. එයින් සිදුවුයේ දකුණේ හා උතුරේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනි සිටි EPRLF, PLOTE, NSSP, SEP වැනි පක්ෂද කොටි සංවිධානයේ මර්ධනයට හසු වීමයි. එසේ නොවුනානම් දකුණේ හා උතුරේ වමේ පක්ෂ සංවිධාන හා ජෙවිපය අතර පොදු වමේ පෙරමුණක් බිහිවීමට බොහෝ ඉඩකඩ තිබිණි. නමුත් කලු ජුලිය හා ජේවීපියේ තහනම් එය ව්‍යර්ථ කරන ලදී.
රහසිගතභාවය තුල සිටමින් විජේවීර පක්ෂය නැවත සංවිධනය කරන ලදී. උතුර හා දකුණ අතර පාලම නැවත ගොඩ නැගීමට නම් කොටි සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කලයුතු බවට ජවිපය විසින් රටට ඉදිරිපත් කරන ලදී.
නැගී එන ජවිපය මර්ධනය කරලීම සදහා ජවිපය හා අනෙකුත් වාමාංශික අතර ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඇති වූ මෙම ප්‍රතිවිරුද්ධතාවය ජයවර්ධන රජය වඩා හොදින් යොදාගනිමින් ජෙවිපය මර්ධනය කරලීම සදහා ජයවර්ධන රජය ඉන්දියාව සමග රටේ ස්වාධීනත්වය අනතුරේ හෙලමින් ගිවිසුමකට එලබෙමින් ලක්ෂ ගණනක ඉන්දියන් හමුදාවක් රටට කැදවගන්නා ලදී.
විජේවීර 60 දශකයේදී පැවසූ දේ අවසානයේ දී යතාර්ථයක් බවට පත් වන ලදී.
අප රට කොතරම් පසුගාමිද යත් මෙම ආක්‍රමණයට එරෙහිව රටේ ප්‍රධාන පාලක තන්ත්‍රයෙන් කිසිදු විරෝධයක් එල්ල නොවිණි. ප්‍රංශයේ මෙන් ජනරාල් ඩිගොල් වැනි හමුදා නිලධාරීන් ආක්‍රමණයට එරෙහිව අරගලයට අවතීරණ වුයේ නැත. රජීව් ගාන්ධි මහතාට එරෙහිව පහර දීමට නාවික සෙබලෙකු හැරෙන්න ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කල සන්නද්ධ අරගලයට ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහය ලැබි තිබුනේ අවම වශයෙනි. ඒ අතර නිල ඇදුම අයුතු ලෙස පාවිච්චි නොකල සැලකියයුතු පිරිසක්ද හමුදා හා පොලිසි තුල සිටි බව ද අමතක කල නොහැක.
වඩාත් සරදමක් වනුයේ පැරණි වාමාංශික පක්ෂ ද ආක්‍රමණිකයා සමග එක් වෙමින් රජයෙන් ලොරි පිටින්(වික්‍රමබාහු කරුණාරත්න මහතාම ලක්බිමටම හෙළි කල පරිදි) ආයුධ ලබා ගනිමින් තරගෙට මිනි මැරීමයි. ලෝකයේ ප්‍රථම වතාවට වමේ පක්ෂ යයි කියාගන්නා පිරිසක් විදේශීය හමුදාවක් පිළිගනිමින් එයට එරෙහිව සටන් කල ජනතාවට එරෙහිව සිදු වූ මර්ධනයට ඍජුවම සහය දැක්වූ එකම රට ශ්‍රී ලංකාව වනු ඇත. එය දෙවරක්ම සිදු විය. උතුරේ විමුක්ති ව්‍යාපාරය ලෙස හැදින් වූ දෙමල කොටි සංවිධානය ද ප්‍රේමදාස රජය සමග සටන් විරාමයකට එක් වෙමින් ජෙවිපය මර්ධනය කරලීම සදහා සහය දැක්වූ බව බාලසිංගම් පසුව හෙළි කර තිබිණි. එහෙත් සමහරුන් අද දිනයේ උතුරේ ඊණියා විමුක්ති ව්‍යාපාරය කුඩු කිරීමට ජෙවීපිය සහය දීම ජාතිවාදය යයි කියයි.
මෙයින් අපට ලබා ගතහැකි නිගමනය වනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රංශයේ මෙන් බාහිර සතුරාට එරෙහිව francmacon පන්නයේ රාජ්‍යය වුයුහයක් ඒ වනවිටත් බිහි වී නොතිබූ බව පමණි. ඒ අනුව ජෙවිපයට සිදුවුයේ ආක්‍රමණිකයා හා රුකඩ ආණ්ඩුවට එරෙහිව තනිවම සටන් කිරීමටයි. මර්දනය උග්‍ර කෙරිණි.
1989 වසර අවසන් වනවිට ජෙවිපයේ නායකත්වයත් ඇතිව එහි සාමාජිකයින් 60000 ක් මරා දමා හෝ අතුරුදහන් කර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රතිවිප්ලවයට එරෙහිව සිදු කල හිංසාකාරී ක්‍රියාවන් නිසා වර්තමානයේදී ජනතාව චන්ද වලිදී ඔවුන්ව ප්‍රතික්ෂේප කරලීමට හේතුවක් ලෙස ඇතැමුන් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැක්කේ එම 60000 මරාදැමු එජාපයේ චන්ද ප්‍රතිශතය කිසිදු අයුරකින් පහත ගොස් නොමැති වීම නිසාය.
ඔවුන් නැවතත් ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වනුයේ 1994 මැතිවරණයෙන් එක් මන්ත්‍රී පදවියක්ද දිනා ගනිමිනි. ඔවුන්ගේ මන්ත්‍රී ප්‍රමාණය 10 සිට 16 දක්වා වර්ධනය විනි. විජේවීර මරා දැමුවා කියා හතු පිපෙන්නාක් මෙන් නව පක්ෂ බිහිවූයේ නැත. පක්ෂය පුද්ගලයෙකු වටා නොව වැඩපිළිවෙලක් වටා සිය සාමාජිකත්වය එකතු කිරීම මෙයට හේතුවක් ලෙස සිතිය හැක. විශේෂයෙන්ම මැලේසියාවේ, ඉන්දුනීසියාවේ හෝ චිලි රාජ්‍යයේ සිදු වූ මර්ධනය වැනි දැවැන්ත ව්‍යසනයකට මුහුණ දුන්නද ඔවුන්ට නැවත ඔවුන්ගේ පක්ෂ මුල් තත්වයට පත් කරලීම පහසු වුයේ නැත. නමුත් ශ්‍රී ලංකාවේදී වසර හතරක් තුල නැවත පක්ෂය කෙලින් කර රටේ ප්‍රධාන දේශපාලන බලවේගයක් බවට පත් කරලීමට ජවිපයේ දිවිගලවාගත් ඉතිරිවී සිටි පිරිස සමත් විනි.
විජේවීර විසින් පක්ෂයට හදුන්වා දුන් පක්ෂ යාන්ත්‍රනය මෙයට ඉවහල් වූ බවට කිසිදු සැකයක් නොමැත.
ට්‍රොට්ස්කි පැවසුවේ ලෙනින් විසින් හදුන්වාදුන් රුසියානු බෝල්ෂෙවික් පක්ෂයේ පක්ෂ ව්‍යුහය අනාගත කම්කරු රාජ්‍යය බිහි කිරීම සදහා පසුකාලීනව ප්‍රධාන අඩිතාලම වූ බවය. එය විජේවීර ශ්‍රී ලංකාවේදී යථාර්තයක් බවට පත් කර තිබිණි. පසුගිය කාලයේ පක්ෂය තුල ඇතිවූ අර්බුධ දෙකක් පරාජය කර නැවත තමන් සිටි මුල් ස්ථානයට නැවතත් යාමට හැකි වුයේ මෙම පක්ෂ යාන්ත්‍රනය බවට කිසිදු විවාදයක් තිබිය නොහැක.
1990 වසර බිහිවනුයේ ලෝක බලකේන්ද්‍රණය වොෂින්ටනය වටා ඒක රාශි වෙමිනි. ඒ අනුව ඉතා වේගයෙන් සමාජවාදී කදවුරේ රටවල් තුල පැවති සමාජවාදී දේපල පුද්ගලික කරණය කරලීම සදහා එම රටවල බෙදුම්වාදී සංවිධාන අටවා නේටෝව විසින් යුද්ධ අවුළුවන ලදී. එහි එක් අරමුණක් වුයේ තම නිදහස් වෙළදපළ වර්ධනය කරගැනීම සදහා විමධ්‍යගතකරණය හා බෙදුම්වාදය ලොවට හදුන්වාදිමයි.
ධනවාදයේ අවසන් අදියර අධිරාජ්‍යවාදය නමැති ග්‍රන්ථයේ ලෙනින් පවසන්නේ දේශිව සියලුම වෙළදපලවල බලය අල්ලාගන්නා ධනපතියන්ගේ සුළු පිරිසක් ඉන්පසුව ලෝක වෙළදපල අල්ලාගැනීම සදහා එකිනෙකා හා සටන්වැදීම හෝ වෙළදපල බෙදා ගැනීම සිදුකරනු ලබයි. නව ලිබරල්වාදය හෙවත් අධිරාජ්‍යවාදය(financial capitalism) ලෙස ඉදිරියට එන ආක්‍රමණය මෙයයි. ඒ අනුව එහිදී ජාත්‍යන්තර වෙළද සංගම්(cartel or union) විවිධ නම් වලින් බිහිවේ. එහිදී සටනින් පරාදවන කුඩා ධනපති පන්තිය වමේ ව්‍යාපාරය සමග හෝ අන්ත ධනේශ්වර ජාතිවාදි සංවිධාන සමග එක් වේ. අද යුරෝපයේ නාසිවාදයේ නැගිටීම හෙළිකරන්නේ මෙම යථාර්තයයි. එහිදී වම දුර්වල වී විමධ්‍යයගතකරණයේ හා ෆෙඩරල් වාදයේ සමිප මිතුරන් බවට පත්ව ඇත.
එහිදී නවලිබරල් ධනවාදය හා ජයග්‍රාහි ජාත්‍යන්තර ධනපති සංගම් තම වෙළද හා මිලිටරි අරමුණු පුළුල් කරගැනීම සදහා ඉදිරිපත් කරන විමධ්‍යයගතකරණයට ධනේශ්වර මධ්‍යගතකරණය ආරක්ෂාකරලීමේ වගකීම නිතතින්ම වමේ ව්‍යාපාරයට පැවරේ. 1871 දී එයතිහාසික පැරිස් කොමියුනයේදී සිදුවුයේ එයයි. අරාජිකවාදි හා ෆෙඩරල්වාදී සංකල්පයන්ට ප්‍රතිපක්ෂ මාක්ස්වාදය අනාගත සමාජවාදී ආර්ථිකයට අත්‍යවශ්‍ය ධනේශ්වර මධ්‍යගතකරණය ආරක්ෂා කරගැනීම සදහා සටන් වැදීමටත් ඒ තුලින් කම්කරු පන්තියට බලය ලබාගැනීම සදහාත් වමේ මැදිහත් වීම නිරන්තරයෙන්ම සිදුවිය යුතුව ඇත. යුරෝපයේ එය නාසිවාදී පක්ෂ වලට ලැබෙන විට ශ්‍රී ලංකාවේදී එය ජනතා විමුක්ති පෙරමුණට හිමි වී ඇත.
1848 ජුනි 29 වනදින ඉතාලියානු ඇල්බා පුවත්පතට ලිපියක් යොමුකරන කාල් මාක්ස් සදහන් කරනුයේ ජර්මනියේ ඒකීය හා නොබෙදුණු ජනරජයක් පිලිබදව සිහින දැකීම මනෝරාජික සංකල්පයක් ලෙස නොසිතිය යුතු බවය. මෙයින් අදහස් කරනුයේ වමේ ව්‍යාපාරය ඒකීය හා නොබෙදුණු රටක් ආරක්ෂා කරලීම යනුවෙන් හදුන්වෙනුයේ ධනේශ්වර විප්ලවය වේගවත් කර නිෂ්පාදන මධ්‍යගතකරණය තහවුරු කරලීමයි. එහිදී සමාජය තුල පන්ති අරගලය(antognisme) ත්‍රිව කරන අතර කම්කරු පන්තිය පන්තියක් ලෙස සංවිධානය කරලීමේ හැකියාව වර්ධනය වී සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය තහවුරු කරනු ලබයි.
විජේවීර හා ජෙවිපය ෆෙඩරල් හා විමධ්‍යගතකරණයට එරෙහිව ඒකීය හා නොබෙදුණු රටක් පිලිබදව කතා කරනවිට එය ජාතිවාදි ප්‍රකාශයක් ලෙස හැදින්වීම විහිළුවක් වනුයේ මේ නිසාය. කෙසේවෙතත් මෙය ශ්‍රී ලංකාවේ තහවුරු කරලීම වෙනුවෙන් විජේවීරට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිණි.
1990 න් ඇමරිකාවේ මෙම අක්‍රමනකාරි නිදහස් වෙළදපල පුළුල් කිරීමේ ප්‍රතිපලයක් ලෙස යුද්ධමය වශයෙන් හා ආර්ථිකමය අතින් වැදගත් යුගෝස්ලාවියාව, කැස්පියන් මුහුද අවට තෙල් සම්පත් ඇති රටවල් වන ජෝර්ජියාව, ආර්මේනියාව, අසර්බයිජානය, මිලිටරිමය වශයෙන් වැදගත් යුක්රණයේ ක්‍රිමේ දුපත වැනි රටවල් මෙහි ප්‍රධාන ගොදුරු බවට පත් විනි. නැගෙනහිර යුරෝපයේ මෙම අරමුණ සපල කරගත් පසුව 1995 වර්ෂයේදී ඇමරිකානු ජනාධිපති ක්ලින්ටන් විසින් පැවසුවේ ඊලග බොස්නියාව ඉන්දියාව බවයි. මෙයින් ඉන්දියාව තිගැස්සිණි. එහිදී ඉන්දියාවට සිදුවුයේ ඇමරිකාව ඉදිරියේ දණ ගැසීමටය.
කෙසේවෙතත් ඉන්දියාව බෝල්කනිකරණය නමැති ඇමරිකන් අවශ්‍යතාවය පිලිබදව විජේවීර 80 දශකයේදී පැවසූ දේ ඒ අනුව යථාර්තයක් බවට පත්විණි.
2001 දී රනිල් සමග කොටි සංවිධානය ගැසූ ගිවිසුම සමගින් කොටින්ගේ බලය රට පුරා වර්ධනය වීම ආරම්හ විනි. සුනාමි ව්‍යසනය උපයෝගී කර ගනිමින් දැවැන්ත මුදල් ප්‍රමාණයක් උපාය ගැනීමට කොටි සංවිධනය සමත් විනි. එම ව්‍යසනය සිදුවූ අවස්ථාවේදී එවකට ඇමරිකන් රාජ්‍ය ලේකම් කොන්දෙලසා රයිස් ඇමරිකන් ජනාධිපති බුෂ් හා ඔහුගේ පියා සමග ලංකාවේ සිතියම් වටා එකතුවෙමින් පැවසුවේ සුනාමිය ඉතා හොඳ අවස්ථාවක් අපට (marvelous)උදාකර ඇති බවය. ඉන් පසුවදාම ඉන්දියන් නාවික හමුදාව උතුරෙනුත් ඇමරිකන් මැරීන් හමුදාව දකුණෙනුත් ඇතුළු වුයේ ව්‍යසනයෙන් දුකට පත් ජනතාවට උදව් කිරීමට යයි පවසමිනි.(huminity intervention)
නමුත් ඔවුන් කලේ අනාගත මෙහයුමක් සදහා සුදානම් වීමක් බවට කිසිදු සැකයක් නොමැත. එසේනම් උක්රේණයේ ස්වභාවික වාරයක් වන ක්‍රිමේ මෙන්ම ශ්‍රීලංකාවේ පිහිටීමද(strategic) අධිරාජ්‍යවාදීන්ට වැදගත්ය. 1990 දී ත් රුසියානු ජනාධිපති යෙල්සින්ගේ දුර්වලතාවය උපයෝගී කරගනිමින් ක්‍රිමේ දිවයිනේ ජිවත්වන බහුතර රුසියානු ජනතාව උක්රේනුයානු කිව් පාලනයට එරෙහිව යොදාගනිමින් නේටෝ හමුදා කණ්ඩයක් කළු මුහුදේ පිහිටුවන ලද්දේ යෙල්සින්ගේ සහයද ඇතිවය. නූතන ලිබරල් අධිරාජ්‍යවාදය තමන් කොතරම් නුතන වුවද ස්වභාවික මරමස්ථාන තම අතින් ගිලිහියාමට ඉඩ තබන්නේ නැත.
කොටි සංවිධානය ලොව හොදම ආයුධ වලින් සන්නද්ධ කර ශ්‍රී ලංකාවේ හමුදාව සමග ගැටුමට ඇතුළුකර ඔවුන් දුර්වල කර සාමය මුවාවෙන් 2004 සුනාමිය අවස්ථාවේදී මෙන් ඉන්දියන් හා ඇමරිකන් මැදිහත්වීමක් යුද්දයේ අවසන් කාලයේ දියත් වූ ආකාරය අප දුටුවෙමු. නමුත් එය අසාර්ථක වනුයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බෙදුම්වාදයට එරෙහිව ගොඩනගන ලද දැවැන්ත දේශප්‍රේමී අරගලය නිසාවෙනි. විශේෂයන්ම ලෝක බල තුලනය 2008 අගෝස්තු 8 වැනි දා රුසියාව විසින් ජෝර්ජියාව අක්‍රමණය කරලීම නිසා බිද වැටීමත් සමගම ආරක්ෂක මණ්ඩලය තුලදී රුසියාව හා චීනය තම නිශේද බලය යේදීමත්, ඒ වනවිට ශ්‍රී ලංකා හමුදාව නැවත හැරීම ප්‍රතික්ෂේප කරලීම නිසාත් ජනතා විමුක්ති පෙරමුණ වසින් ගොඩනගන ලද දැවැන්ත ජනතා ප්‍රවාහය ඒ වටා පෙළ ගැසීමත් නිසා යුද්ධය අවසානය දක්වාම ගෙන යාමට ශ්‍රී ලංකාව සමත් විනි.
නේටෝ සැලැස්මක් කඩාකප්පල් වූ ප්‍රථම අවස්ථාව ශ්‍රී ලංකාව විය. පසුගිය කාලයේ ප්‍රධාන පෙලේ NGO ප්‍රධානියෙකු පැවසූ “ලිබරල් සාමය” බිද වැටුණු ප්‍රථම රට ශ්‍රී ලංකාව බවය. එසේ නොවුනානම් අප රට ද යුගෝස්ලාවියාවේ කොර්ශියාව, බොස්නියාව, කොසෝව, මාලි දේශය මෙන් නේටෝ කදවුරක් බවට පත් වීමට තිබිණි. අවසන් විග්‍රහයේදී යුද ජයග්‍රහණය අධිරාජ්‍යවාදයට එරෙහිව තැබූ යෝධ පියවරක් බවට පත්වී තිබිණි. ජනතාව තුලින් අධිරාජ්‍යවිරෝධී හඩක් ඇසෙන්නට විනි. රාජපක්ෂ නඩය මෙය උපයෝගී කරගනු ලැබුවේ තම බලය දිගු කරගැනීමට විනා ලැබූ නිදහස ඔස්සේ ජාතික සමගිය ඇතිකරලීමට නොවේ. යුද්ධයේදී කිසිදු පරිත්‍යාගයක් සිදු නොකළ පසුගාමී ධනපති පන්තියට එම ජයග්‍රහණය නිවැරිදි දිශාවට ගෙන යාමට වැඩපිළිවෙලක් නොතිබුණි. එයින් පැහැදිලි වුයේ රාජපක්ෂ යනු දේශපාලකයෙකු නොව ගේම් කාරයෙකු පමණක් බවය.
කෙසේ වෙතත් යුද්ධය අවසාන වනවිට ජනතා විමුක්ති පෙරමුණ හා රටේ ජනතාව අතර මෙන්ම රාජ්‍ය ආයතන හා රාජ්‍ය තන්ත්‍රය සමග සම්බන්ධකම් වර්ධනය වී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගන ලද දැවැන්ත ජනතා ප්‍රවාහය හා ඒ වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක්, පරිත්‍යාගයක් සිදු නොකළ රාජපක්ෂ වරුන් හා හමුදාව අතර ගැටුමක් ඇතිවන්නේ ද මේ නිසාවෙනි. එහි ප්‍රතිපලය වනුයේ ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරනයට ඉදිරිපත්විමයි. 1948 සිට පවතින ජරාජීර්ණ ක්‍රමයට එරෙහිව ප්‍රධන පෙලේ හමුදා නිලධාරියෙකු දේශපාලනයට ඉදිරිපත්වූ ප්‍රථම අවස්ථාව මෙය විය. එයට ජනතා විමුක්ති පෙරමුණේ සහය ඍජුවම ලැබුණි. පසුගාමී ධනේශ්වරයට එරෙහිව ඒ අනුව නව පෙරමුණක් ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් බිහිවිණි. අද ඔහුද ජාතික සභාව නියෝජනය කරනු ලබයි.
මෙම සහයත් සමගම ජනතා විමුක්ති පෙරමුණ තුළද දැවැන්ත අර්බුදයක් නිර්මාණය වනුයේ පක්ෂය පන්ති සහයෝගිතාවයට හා යුද්ධයට සහයෝගය දැක්වීම වැරදි තීරණයක් බවට පිරිසක් විසින් ඉදිරිපත් කල ප්‍රබල සටනක් නිසාවෙනි. ඇමරිකන් බෙදුම්වාදී යුධ සමයේ මාක්ස් එම යුද්දයෙදී එවකට ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහතා කම්කරු පන්තියේ පියා ලෙස හදුන්වමින් ඔහුට සහය දක්වනු ලැබිය. ඇමරිකාවේ ඒකීය භාවය හෙවත් ධන්ශේවර මධ්‍යගතකරණය ආරක්ෂා කරගැනීම සදහාත්, වහල් සේවය වෙනුවෙන් පෙනී සිටි දකුණේ බෙදුම්වාදීන් පරාජය කරලීම අමරිකාවේ ධනේශ්වර සංවර්ධනයට අවශ්‍ය වූ නිසාත්, සුදු හා වහල්සේවය අවසන් කර වැටුප් ලබන කළු කම්කරු පන්තියේ සහෝදරත්වය ඇමරිකාවේ සමාජවාදය බිහි කිරීම සදහා අත්‍යවශ්‍ය වූ නිසාත් යුධ උපක්‍රම හා උපදෙස් ද ලබා දෙමින් මාක්ස් උතුරු හමුදාවට කොන්දේසි විරහිතව තම සහය ලබා දෙන ලදී. මෙම යුද්ධය නිසා ඇමරිකානු ජනගහනයෙන් 5 % ප්‍රමාණයක් රටට අහිමි විය. යුද්ධය ඒ තරමටම ම්ලේච්ඡ කුරුරු වේ.
ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේදී දෙමල හා සිංහල සහෝදරත්වය සදහා කොටි සංවිධානය මිලිටරිමය ලෙස පරාජය කරලීම අත්‍යවශ්‍ය බවට ජනතා විමුක්ති පෙරමුණ තර්ක කරනු ලැබිණි. අද ජෙවිපයේ මැදිහත්වීමෙන් ගොඩ නගන ලද විධායක සභාව තුල දෙමල, සිංහල, මුස්ලිම් නියෝජිතයින් මැදිහත්වීම තුලින් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද එම තර්කය සත්‍යයක් බවට පත් වී ඇත. අද දිනයේ ගුණරත්නම් මහතාටද පැරිසියට පැමිණ පොලු පහරවල් හෝ පිහි පාරවල් නොකා ප්‍රංශයේ ජිවත්වන දෙමල ජනතාව අමතා ප්‍රසිද්ධ රැස්වීම පැවැත්විය හැකි වී ඇත්තේ කොටි සංවිධානය යුද්ධමය වශයෙන් පරාජය කරලීම නිසාවෙනි. අද ජෙවිපයටද මුලතිව් දිස්ත්‍රික්කයට ගොස් තම දේශපාලන කටයුතු ආරම්හ කිරීමට හැකිවී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ තුල තුවූ මෙම අර්බුධය අවසන් වනුයේ පක්ෂයේ කම්කරු අංශය විසින් පක්ෂයේ බලය අලවා ගනිමිනි. අර්බුධය අවුළු පුද්ගලයින් 87-89 යුගයේ පක්ෂයේ විවිධ දේශපාලන තීරණ වලට සම්බන්ධවී පක්ෂ සාමාජිකත්වය තුල කීර්තියට පත්වූ පුද්ගලයන් බවට කිසිදු සැකයක් නොමැත. තමන් ගොඩ නගාගත් මෙම බලයන් තම පුද්ගල ආකර්ශනය වටා කල්ලි ගැසුණු 1980 න් පසුව උපත ලැබූ පක්ෂයේ සිසුන් හා තරුණයන් බිලිබගැනීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ අර්බුදයක් විනා ඔවුන් ඉදිරිපත් කල මතවාද හා විග්‍රහයන් තුල කිසිදු න්‍යායික පදනමක් දක්නට නොතිබුණි. පක්ෂයේ අධ්‍යාපන වැඩසටහන් දුර්ව්ලවිම හා පක්ෂය තුල බුරුවන් හා බුරුවන් පිට යන්නන් වර්ගයේ පිරිස් බිහිවීමත්(bureaucratisme ) මෙයට හේතුවක් විය හැක.
කෙසේ වෙතත් ඉතා සුළු කලකින්ම නැවත පක්ෂය කෙලින් කරලීමට පක්ෂ නායකයින් සමත්විණි. පක්ෂයේ කම්කරු අංශය සෙලවීමට කුමන්ත්‍රනකරුවන් අසමත්වීම පක්ෂය ලැබූ ජයග්‍රහණයක් විය. පාලක පන්තිය මෙහය වූ රාජපක්ෂවරුන් කෙසේවෙතත් ජාත්‍යන්තර මැදිහත්වීමක් මෙය තුල තිබුණු බවට අනුමාන කල හැක. නැවතත් පක්ෂය ඉතා කෙටි කලිකින්ම මැතිවරණ කේෂ්ත්‍රයේ යම් යම් ජයග්‍රහණ ලබාගැනීමට හැකි විය.
එහිදී සිදුවුයේ පාලක පන්තිය විසින් 1983 දී මෙන් බොදුබලසේනා නමැති අන්තවාදී සංවිධානයක් හරහා මුස්ලිම් විරෝධයක් අවලුවනු ලබන්නේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයක් ද ප්‍රචාරය කරමිනි. ඒ අනුව 83 එය පක්ෂය තහනම් කරලීමේ තැතක් බවට වේගයෙන් පත් වී තිබිණි. නමුත් එය පරාජය කරලීමටත් බොදුබල සේනාවේ පිටුපස සිටිනුයේ රජය බවට පවසමින් මුස්ලිම් ජනතාව් ආරක්ෂා කරගැනීමට සදහා මැදිහත්වීමට ජෙවිපය සමත් විනි.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයෙන් ඉවත් කිරීමට යොදාගත් සියලු පැරණි උපක්‍රම ඒ වනවිට අහෝසි වී තිබිණි. ඒ අනුව පසුගාමී ධනේශ්වර පන්තියට තම හාම්පුතුන්ගෙන් උපදෙස් ලැබනුයේ ජාතික ආණ්ඩු සංකල්පයට ගමන් කරන ලෙස පමණි. එය අද ක්‍රියාවට පත්වෙමින් පවතී.
අවසානයේ 2015 මැතිවරණයේදී ලාංකීය ජනතාව වැඩවසම් පාලන තන්ත්‍රයකට කැස කැවූ රාජපක්ෂ රජය පෙරලා දමා සමාජ සංවර්ධනය තුල සිදුවී ඇති නව තත්වයන් ඔස්සේ ප්‍රගතියේ හා නුතනත්වයේ මාවත තෝරාගෙන ඇත. ඇතැමුන් පවසනුයේ කළයුතුව තිබුනේ 87-89 මෙන් මහින්ද රජය තබාගැනීමට තිබු බවය. 2015 තත්වය 87-89 වස්තතික තත්වයන් හා බලන විට හාත්පසින්ම වෙනස් වුවද එහිදී අසාර්ථක වූ උපක්‍රමයක් නව තත්වයන්ට නැවත ගැලපීමට ගොස් එවැනිම ප්‍රතිපලයකට මුහුණ දුන්නනාම් මේ මහත්වරුන් කුමක් පවසාවිද යන්නයි. මේවා කිසිදු න්‍යායික පදනමක් නොමැති ගොන් පාට්ය.
89 අගභාගයේ සිදුවූ සමාජවාදී කදවුර ඇදවැටීම නිවැරිදිව අධ්‍යනය කලානම් ජෙවිපයට කළයුතුව තිබුනේ අඩියක් නොව අඩි දෙකක්ම පිටුපසට තබා පසුබැසිමයි. එසේවුවා නම් නායකත්වය මෙන්ම අතිවිශාල මියගිය සාමාජිකත්වයද ආරක්ෂා කරගැනීමට හැකිවීමට ඉඩ තිබිණි. විප්ලවිය ජයග්‍රහණයක් සදහා ජාතික මට්ටමේ සිදුවන වාස්තතික තත්වයන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කොන්දේසි ද අධ්‍යනයය කළයුතුව ඇත. එය එසේ වුයේ නැත.
මානව ඉතිහාසයේ සියලුම අයිතිවාසිකම් නිර්ධනපන්තියට ලබාදෙනු ලැබුනේ ලේ වැකුණු අරගලයන් තුලිනි. ලාංකීය සමාජය පසුගිය වසර 70 ක කාලයක් පුරාවටම ජනතා අරගලයන්ගේ තෝතැන්නක් විනි. උතුරේ, දකුණේ සියලුම ජනතාව අරමුණු වෙනස් වුවද ඉල්ලා සිටියේ නිදහසයි. ජීවත්වීමේ අයිතියයි, දීර්ග කාලින සාමයයි. අද දිනයේ අප සමාජය ආයුධ පසෙක තබා ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කරන ලද වට මේසය වටා අසුන් ගෙන ඇත.
ප්‍රංශ පන්නයේ francmacon කණ්ඩායම බිහිවී ඇත. ඒ අනුව සියලු දෙනාගේම සම අයිතිය පිළිගන්නා ලෙස පසුගාමී ධනපති පන්තියට බල කර ඇත.
හොබ්ස් පැවසුවේ මෙම යථාර්තයයි. හොබ්බ්ස් ගේ සංකල්ප වඩාත් ප්‍රජතන්ත්‍රවාදී කරන රුසෝ ඒ අනුව ධනේශ්වර විප්ලවයෙන් බිහිවන ජාතික රාජ්‍යය තුල ජාතිය(පන්ති අරගලය නිසා අර්බුදයට ගොස් ඇති සිවිල් සමාජය) හා රාජ්‍යය(මධ්‍යගතකරණය) අතර ගැටුම අවසන් කරලීම සදහා ජනතාවට රාජ්‍යයේ නියෝජිතයන් නැවත කැදවීමේ බලය ලබා දියයුතු බවට ඉදිරිපත් කරන ලදී. (imperative mandate) මෙම සංකල්පය මාක්ස් වීසින්ද පසුව ගෝතා වැඩපිළිවෙල විවේචනයේදී (decline of state) හා පැරිස් කොමියුනය සමබන්ධයෙන් කරන ලද විග්‍රහයන් තුල තව දුරටත් සංවර්ධනය කරන ලදී.(unitary state and communs)
එය අද දිනයේ ජෙවිපය වීසින් සමාජ ගත කළයුතුව ඇත.
පසුගිය වසර 50 පුරාවට ජෙවිපය විසින් සමාජයට ලබාදෙන ලද සාමාජිකයින් ප්‍රමාණය ඉතාමත් විශාලය. මෙම පිරිස අදවනවිට රටේ සියලුම කේෂ්ත්‍ර වල ස්ථානගත වී අවසානය. උපතේ සිට කිසිදු ප්‍රතිපත්තියක් හා සාරයක් නොමැතිව ජිවත් වූ කීප දෙනෙකු හැරුනවිට අනෙක් සියලුදෙනාගේම ඍජු හා වක්‍ර සහය ඔවුනට ලැබේ. ඔවුන්ට කැබිනට් රහස් පවා දිනපතා ලැබෙන බව පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ පැවසුහ. රෝහණ විජේවීර 1988 දී සැගවී සිට ලංකාදීප පුවත්පතට එවූ ලිපියක සදහන් කලේ තම පක්ෂය රට පුරා අතු, මුල්, වැල් පැතිරීගිය විශාල වෞක්ෂයක් බවය. එය අද වසර 25 කට පසුව ලෝකය පුරාද පැතිර ගොස් ඇත. ඔවුන්ගේ “ලෙනින්වාදයට පසුබසිමු” යන සටන් පාථය අදටත් යුරෝපය තුල ප්‍රසිද්ධය.
පසුගිය මැතිවරණ ප්‍රවාහය තුල ඔවුන්ගේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු විසින් කරන ලද වික්‍රමය තුල ඇත්තේ ද මෙම සත්‍යයයි.
අධිරාජ්‍යවාදීන් ජනවාරි 8 වනදා රනිල්ට හා මහින්දට දුන් උපදෙස වූයේ ජනතාව සමග ගැටුමකට නොගොස් සාමකාමීව බලය හුවමාරු කරගන්නා ලෙසය. අවම වශයෙන් විප්ලවීය ධනපති පන්තියේ ජයග්‍රහනයක්වත් ඔවුන් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා නොකරන බව එම පණිවිඩයෙන් අවධාරණය කරනු ලබයි. අනෙකුත් රටවලට සාපේක්ෂකව අප රට තුල රාජපක්ෂට එරෙහිව නැගී ආ ජන රැල්ල ඉදිරියට පැමිණියානම් එය ජෙවිපයේ විශාල මැදිහත්වීමකින් සිදුවන ධනේශ්වර විප්ලවයක් දක්වා පැතිරී ගොස් එය අධිරාජ්‍යවාදීන්ට පාලනය කරගැනීමට අපහසු තත්වයක් දක්වා යාමට ඉඩ තිබිණි.
එම නිසාම තවදුරටත් නැග එන ජන රැල්ල පාලනය කරලීම සදහා ඔවුහු ඉතා මන්දගාමිව සිදුවන ප්‍රතිසංස්කරණ දක්වා ගමන් කරමින් සිටි. එය වමට හානිකර තත්වයක් වුවද එය නිවැරිදි දිශාවට තල්ලු කරලීම සදහා පාලක පන්තියට බලකිරීමට ජෙවිපයට පන්ති ගැටුම දිනෙන් දින උග්‍ර වන සිවිල් සමාජය තුලත්, පාර්ලිමේන්තුව තුලත්, විධායක සබාව තුලත් කේවල් කිරීමේ හැකියාව ඉහල නැංවිය යුතුව ඇත.
“සියලුම පන්නයේ බෙදියාම් හා ජාතිකත්වයන් අතර ඇති ප්‍රතිවිරුද්ධතාවයන් ධනේශ්වර සංවර්ධනය, නිදහස් වෙළදාම, ලෝක වෙළදපල හා කාර්මිකරණය විසින් අහෝසි කරනු ලබයි. එකිනෙකා අතර ගැටුමට ලක්වී සිටින එම ජාතින් ලබා ගන්නා ප්‍රථම විමුක්තිය ධනේශ්වර විප්ලවය විසින් ලබාදේ. නිර්ධ්නපන්තිය සමාජවාදී විප්ලවය මගින් එය සම්පුර්න හා අවසාන කරනු ලබයි” (එයතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනය)
මෙම විධායක සභාව තුල ඒ අනුව ජාතික ප්‍රශ්නය විසදීම සදහා මුලික අඩිතාලම සදහා උපරිම මැදිහත්වීමක් ජෙවිපය සිදුකල යුතුව ඇත. අවසාන විග්‍රහයේදී රට පුරා විසිර සිටින ජෙවිපයේ හිටපු, ඈත්වූ, ගැටුම් ඇතිකරගත් සියලු දෙනාම් තීරණාත්මක අවස්ථාවක එකට එක්වන දින වකවානු පිලිබදව මාහට නිශ්චිතව කිව නොහැක. නමුත් එය සිදුවේ.
එය නිෂ්පාධන සමබ්න්ධතා හා නිෂ්පාදන ක්‍රමය අතර සිදුවන ප්‍රතිවිරුද්ධතාවය මගින් උපදවන ධනේශ්වරය ක්‍රමයේ ජාතික හා ජාත්‍යන්තර අර්බුදය විසින් සම්පුර්ණ කරනු ලබනු ඇත. සමහරවිට එය කිසිදු වෙඩිල්ලක් පත්තුනොවී හෝ විප්ලවයකින් හෝ සිදුවනු ඇත. එතෙක් ජනතා විමුක්ති පෙරමුණට පවතින පාලක පන්තිය සමග සම්මුතියට මෙන්ම විසම්මුතියට යාමට සිදුවේ. එය පක්ෂයෙන් නෙරපා දැමු වීරවංශලගේ හා ගුණරත්නම්ලාගේ දේශපාලන ගේම් ගැසීම් තවදුරටත් අවුල් කරනු ඇත. මොවුන් සම්ප්‍රදායික කණ්ඩායම් දෙකම(conservative) පක්ෂයෙන් නෙරපා දැමීම පක්ෂය ලැබූ ජයග්‍රහණයක් වේ.
අවසාන විග්‍රහයේදී පුර්ණ නිදහස ලබාගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණට මෙම සාමකාමී අරගලය තුල සර්පිලාකාරව ගමන් කිරීමට සිදුවේ.
මක්නිසාදයත් ධනේශ්වර විප්ලවයත් සමාජවාදී විප්ලවයත් යන දෙකම ඔවුන්ගේ කරමත වැටී ඇති බැවිනි. අවසන් විග්‍රහයේදී ලාංකීය සමාජය තුල එම ජයග්‍රහණය සදහා ඇති එකම හා තනි පක්ෂය බවට ඔවුන් පත් වී අවසන් වී ඇත.
සමන් මුදුන්කොටුවගේ