නූතන කොම්බිය !
නිපුනි සාරදා පතිරගේ !
කොම්බි කතාවක් නිසා නිපුනි ගැන හුඟක් දෙනාගෙ අවධානය යොමු
වෙලා !
අතීත කොම්බිගේ කතාව වර්තමාන විතරක් නෙමෙයි අනාගත අපේ දරුවන්ගේ ඇස් අරවන කතාවක් බවට නිපුනි පත් කලා !
අද බොහෝ දියනියන් ටික් ටොක් වල,කොරියානු ටෙලිනාට්‍ය වල , සුරංගනා සිහින ලෝක වල අතරමං කරන්න මේ ප්‍රාග්ධන බලය සහිත පාලකයන් සමත් උනා !
නූතන කොම්බි (නිපුනි) අභියෝග කරන්නේ ඒ පාලකයන්ගේ බලයට !
ඇය ඒ අභියෝගය කරන්නේ බොහෝ සුදුසුකම් ඇති ව ! ඇය රංගන ශිල්පිනියක් ,නිකම්ම නෙමෙයි, රංග වින්‍යාස හදාරපු රංගන ශිල්පිනියක්, ඇය කතිකාචාර්යවරියක් ! කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ !
ඇයත් නුවරකලාවිය අනුරාධපුර සිට පැමිණ මේ කොළඹ ගෙන්දගම් පොලවේ හොඳින් පය ගහපු තරුණියක් !
මේ කුනුවෙච්ච විනාස කරපු සමාජය හොඳින් හදුනා ගත් ගැහැනියක් !
අතීත කොම්බිලා ගැන කියන ඇය නූතන සුරංගනා ලෝකවල අතරමං වූ සින්ඩරෙල්ලා වියන්ට දැනෙන්න අමතනවා !
ඒක ඉතාම අපූරු යි!
එක විදියකින් ඇය අපේ කාලයේ කොම්බියක් !