1983 මාර්තු 8 වෙනිදින ජාත්‍යන්තර කාන්තා දිනය සමරන දවසේ මෙරට නරුම දේශපාලනයේ තවත් අශීලාචාර සිදුවීමක් පාලක එජාපය විසින් සිදුකළේය. මෙරටේ කාන්තා සටන් ඉතිහාසය බිහිකළ අයෝමය ගැහැණිය ලෙස විරුදාවලිය ලත් විවියන් ගුණවර්ධන එදා දකුණු ඉංදියානු සාගර කළාපයේ ආරක්ෂාවට තර්ජනයක් වූ දියාගෝ ගර්ෂියා හි පිහිටි ඇමරිකානු නාවික කඳවුර ඉවත්කරගන්නා ලෙස ඉල්ලමින් ඇමරිකානු තානාපති කාර්‍ය්ලයට සංදේශයක් බාර දීමට පැමිණියාය. එසේ පැමිණි ඔවුන්ට පහරදී කොල්ලුපිටියේ පොලිසිය වෙත වයෝවෘද්ධ විවියන් රැගෙන ගියේය.
එජාප හෙංචයියන්ට පොලීසියට බැඳාමට එවකට ආර්එස්අයි ආර්පීසී නමින් පිරිසක් බඳවා ගත්තේය. එසේ බඳවාගත් ආර්එස්අයි කාරයෙකු මහළු විවියන්ට පහර පිට පහර දුන්නේය. එසේ පහර දෙනවිට විවියන් මෙසේ අසා ඇත.
“උඹට අම්මෙක් නැද්ද “
මෙම පහරදීමට එරෙහිව විවියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රහාරකයින්ට එරෙහිව නඩු පැවරීය. 1983 පුනි 10 දා නඩුව විභාග කළ බී.එස්.සී. රත්වත්තේ,පර්සි කෝලින්තෝමේ, ජේ.එෆ්. ඒ. සූසා යන විනිසුරුවරු අයිතිහාසික තීන්දුවක් දෙමින් විවියන් ඇතුළු පිරිසට පෞද්ගලික මුදලින් වන්දි ලබාදෙන ලෙස පොලිස් නිළධාරින්ට නියෝග කළේය. මෙය ජඩ එජාප පාලනයට එල්ල කළ අතුල් පහරකි.
ඉන් පසුව එජාපය චංඩින් කුරුඳුවත්තේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගේ නාවාස ඉදිරියට කැඳවූයේය. ජූනි 10 තීන්දුව ප්‍රකාශයට පත්කළ පසු දිනයේම එජාප මැරයින් ලංගම බස්රථවල නැගී ගල් පොලු රැගෙන නිවෙස් ඉදිරිපිටට රැස්විය. පොලෘසිය බලය රහිතව අසරණ විය. නිවෙස් වලට ගල් ප්‍රහාරය එල්ල කළේ ඉතා පහත් ලෙස කුණඅහරුප වපුරවමිනි.
පසුව මෙම ප්‍රහාරයට නායකත්වය දුන්නේ 1977 එජාප වේදිකාව දෙවනක් කළ කළු ලකී බව හෙළිවිය. 71 කැරැල්ලේ විත්තිකරුවෙකුව සිටියදී ඔහුට නීති සහය දුන්නේ රනිල්ය. නිදහස්ව පැමිණි පසුව රනිල් සමග දේශපාලනය කළ කළුලකී හජාප මැරයින් අතර පෙරමුණේ රාල කෙනෙකු විය.
රාවය පුවත්පතේ මාධ්‍යවේදීයෙකු වූ නන්දන වීරරත්න පසුකළෙක මෙම සිදුවීම පිළිබඳව කළුලකීගෙන් විමසා ඇත.
> ඇත්තටම නඩුකාරඋන්නාන්සේලාට ගල් ගහන්න ඔබට උපදෙස් දුන්නේ කවුද ?
> මම ඒක කළේ මිත්‍රයගෙ වචනෙ අහක දාන්න බැරිකමට. එයා තමයි මගෙ මගුලටත් අත්සන් කළේ.
> කවුද ඒ මිත්‍රය. දැං කීවට වරදක් නෑනේ
> රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය පුරාම ටයිකෝට් මහා පුස්තකාල මිස්ටර් ක්ලීන් ප්රතිරූප පිටුපස ඇත්තේ මෙවන් අසික්කිත අශීලාචාර මුග්ධ ඉතිහාසයකි. මතු පරපුරේ දැනගැනීම පිණිස එවන් කර්කශක ඉතිහාසය මතුකරදීම අපේ වගකීමකි. නොබියව ඒ කර්තව්‍යය ඉටුකරමු.