1987 මේ රටේ එක් තීරණාත්මක වසරකි. ජේ.ආර්. ජයවර්ධන ඉංදියාව ඉදිරියේ දනගසා මෙරටේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටි ඉංදිරා ගාන්ධි පරපුරේ තර්ජනයන්ට අවනත විය. ඉංදිය හමුදාවේ ලක්ෂයක් පමණ අනීතික ලෙස ලංකා භූමිය ට පැමිණියේ ගුවන් සීමාවද ආක්‍රමණය කරමින. සමස්ථ විපක්ෂයම අකර්මණ්‍ය කර තිබූ එසමයේ ජනතා විමුක්ති පෙරමුණට සෘජුව මරණීය වරෙන්තුවද නිකුත් කොට තිබුණ. එහෙත් රටට තම පනට වඩා ප්‍රේම කළ ජවිපෙ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප හිතුවක්කාරි පාලනයට එරෙහිව ජනතාව සමග වීදි බැස්සේය. එකී විරෝධතා වලට අභීතව නායකත්වය දෙනු ලැබුවේ ජවිපෙය. එජාපයේ අංක එකේ සතුරා බවට පත්වූ ජවිපෙ ලෙයින් යකඩෙන් මර්ධනය කළ යුතු බව ජේ.ආර්. තීරණය කළේය. ඒ වෙනුවෙන් තම පංතියට අසීමිතව රැකීමට දිව්රා මිටි ජේ.ආර්.ගේ බෑනා හට ප්රමුඛ වැඩ කොටසක් පැවරීය.
1987 අගබාගය වනවිට බටලන්ද පොහොර කම්හල හා නිවාස සංකීර්ණය වධකාගාරයක් බවට පත්කළේ රනිල් වික්‍රමසිංහ විසිනි. සපුගස්කන්ද කැළණිය ප්‍රදේශවල සේවය කළ තෝරාගත් පොලිස් නිළධාරීන් පිරිසකට නිවාස ලබා දුන්නේය. ඒ අතර රනිල්ගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා වූ සුදත් චන්ද්‍රසේකර (IP) චන්ද්‍රසේන ඩග්ලස් පීරිස් (ASP) ද විය. නිවාස 40 කින් සමන්විත මෙම ඉඩමේ නිවාස 3 ක් රනිල්ගේ ආරක්ෂිත නිවාස බවට පත්කළේය. මෙම නිවාස වධකාගාර බවට පත්කර පොලීසියට අමතරව පාතාල මැරයින්ද ප්‍රා සංවිධානයද රනිල් කැඳවීය. බටලන්ද වධකාගාරය තුළ ජවිපෙ ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රෙෂ්ඨ විප්ලවවාදියකු වූ විජේදාස ලියනාරච්චි සහෝදරයා ඇතුළු 5000 ක් පමණ ඝාතනය කළේ තිරශ්චීන වධ බන්ධන වලට ලක්කරමිනි.
1994 චන්ද්‍රිකා බලයට පැමිණීමත් සමගම බටලන්ද වධකාගාරයද හෙළිවිය. ඇයට ජනතාවගෙන් එල්ලවූ බලපෑම මත බටලන්ද කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට දැඩි අකමැත්තෙන් හෝ සිදුවිය. එම කොමිෂම තුළදී රනිල් වික්‍රමසිංහ ගේ අනින් සිදුකළ පොළොව නුහුලන අපරාධ සියල්ලම හෙළිවිය.
බටලන්ද කොමිසමේ විනිසුරු මඩුල්ල තම තීරණය මෙලෙස සටහන් කර චන්ද්‍රිකා වෙත යවන ලදී
රනිල් වික්‍රමසිංහ හට ආරක්ෂක අංශ වෙත නියෝග ලබාදී වධහිංසා පැමිණවීමට කිසිදු බලයක් නැ. ඔහුගේ ඇමති බලතල අයථාලෙස භාවිතා කොට ඇත. වධකඳවුරේ පොලිස් නිධාරිනිට නිවාස ලබා දී ඇත්තේද නීතියට පටහැනිවය. එය වරදකි. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව අධිකරණ ක්‍රියාවලියකට මෙම සිදුවීම් මාලාව ඉදිරිපත් කොට දඬුවම් පැමිණ විය යුතුය. (බටලන්ධ වධකාගාරයේ සේවය කළ පොලිස් නිළධාරින්ට තරුණ සංහාරය සඳහා අණ ලැබුණේ පොලිස්පතිගෙන් නොව රනිල් වික්‍රමසිංහ ගෙන් බව හෙළිවිය)
බටලන්ද වධකාගාරය තුළ පැවති සාකච්ඡාවට රංජන් විජේරත්න ගේ සහයද ලැබුණි. ඒ සඳහා න.පොලිසිපති මෙරිල් ගුණරත්න නලින් දෙල්ගොඩ ඩග්ලස් පීරිස් රාජා ඩයස් යන අය ඉහළ පොලිස් නිළධාරින් කැඳවා උපදෙස් දෙනු ලැබුවේ රනිල් වික්‍රමසිංහය. අවසානයේ කොමිෂම් වාර්තාව කුඩාකළ සිට රනිල් ගේ මිතුරියකු වූ චන්ද්‍රිකා වෙත බාර දුන්නේය. රටේ පොදු ජනතාවගේ පැතුම වූයේ ජීවිත 5000 ක් පමණ බිළිගත් රුදුරු රකුසෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය පසිඳලනු ඇති බවට. ජනතා අභිලාෂයන් බලාපොරොත්තු වලට පයින් ගසා චන්ද්‍රිකා කොමිසන් වාර්තාව හමස් පෙට්ටියට දමා වැසීය. ජීවිතාන්තය දක්වා හෝ එlla මra දැමීමට සුදුසු දඬුවමකට යටත්වීමට සිටි තම පංති මිතුරා චන්ද්‍රිකා නැමති ජනතා ද්‍රෝහී ගැහැණිය විසින් ගලවා ගනු ලැබීය. නැවත චන්ද්‍රිකා බටලන්ද කොමිෂම එළියට ගනු ගැබුවේ 1999 ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදී ජනපති අපේක්ෂක වූ රනිල්ට එරෙහිවය. ජනපතිවරණයේදී චන්ද්‍රිකා ජයගත් අතර නැවත බටලන්ද කොමිසම හමස් පෙට්ටියට දමා වැසීය. ලංකා දේශපාලනයේ මේ රටේ වලව් පැලැන්තිය සදාකල් එකමුතුව ක්‍රියා කරයි. අද වනවිට චන්ද්‍රිකා රනිල් මහිංද සජිත් ඇතුළු සියල්ලෝම නැගී එන ජාතික ජනබලවේගයට එරෙහිව එකම වේදිකාවකය. තම පංතිය අනතුරට පත්වන සෑම මොහොතකම මේ රංචුව එකතුවී ජනතාවට එරෙහිව පෙරමුණ ගනී.
රසල් බණ්ඩාරවත්ත