2020 මැද භාගයේ සිට උද්ගත වූ ආර්ථික අර්බුධය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ආයෝජන සඳහා අවශ්‍ය තම දේශීය මුදල් සංචිත ඩොලර් හා අනෙකුත් විදේශ මුදල් සංචිත වලට මාරු කිරීම තහනම් කරමින් පැනවූ බාධක ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යම් යම් කොන්දේසි යටතේ හැර ඉවත් කර ඇති බව කොළඹ සිට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටි.
විදේශ මුදල් ප්‍රේෂණ සඳහා රුපියල් සංචිත විදේශ මුදල් බවට පරිවර්තනය කිරීමේ සීමාවන් කිහිපයක් ක්‍රමානුකූලව ඉවත් කිරීමට ශ්‍රී ලංකාව අනුමැතිය ලබා දී ඇති අතර මේ නව මාර්ගෝපදේශ ක්‍රියා පටිපාටිය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකවරයා අඟහරුවාදා ප්‍රකාශ කළේය. .
“ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්‍රමයෙන් දියුණු වී ඇති අතර මහ බැංකුවේ මඟපෙන්වීම යටතේ ඒවා දේශීය මුදල් සමග සිදු කරන ගණුදෙනු සඳහා අවශ්‍ය පහසුකම් ඒ අනුව වැඩි කරනු ඇත,” ගුණවර්ධන සතිපතා කැබිනට් රැස්වීමේදී මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.
උද්ධමනය, මුදල් අවප්‍රමාණය සහ අඩු සංචිත හුවමාරුව සමඟ ආර්ථිකය පසුබෑමකට ලක් කළ දශක නිදහසේ සිට ශ්‍රී ලංකාව මුහුණ දුන දරුණුතම මූල්‍ය අර්බුදයෙන් මිලියන 22 ක රට සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව විදේශ මාධ්‍ය ඒ අනුව වාර්තා කර සිටි.
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත 2023 වසර අවසානය වන විට ඩොලර් බිලියන 4.4 ක් වූ අතර එය ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 22% ක වැඩිවීමකි. මේ විදේශ සංචිතවලින් ඩොලර් බිලියන 1.5 ක් පමණ චීන යුවාන් වලින් සිදු කල හුවමාරුවක් ලෙසද වාර්තා වේ.
එහෙත් ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් තැනකට පැමිණ ඇතැයි පළවන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ ආර්ථික විශේෂඥයෙකු අප වෙත පවසා සිටියේ මෙවන් කථාවකි.
” අද ශ්‍රී ලංකාව නොගෙවා ඇති ණය ගෙවා දැමුවහොත් විදේශ සංචිතය ඩොලර් මිලියන 3500ක ඍණ අගයක් ගන්නවා. දැනට විදේශ සංචිතය ඩොලර් මිලියන 4500ක් ලෙස පෙන්වූවත් ගෙවිය යුතුව තිබෙන ණය මුදල ඩොලර් මිලියන 8000ක් වෙනවා.
අද රුපියල ශක්තිමත් වුනා සේ පෙනෙන එකම හේතුව ණය නොගෙවා සිටීම නමුත් ගෙවන්නට ඇති ණය වාරික ගෙවා දැමුවහොත් තත්ත්වය සහ මුලින්ම වෙනස් වෙනවා. පසුගියදා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරත් ඔය වගේ ගොන් කථාවක් කියලා තිබුනා වික්‍රමසිංහ පාලනය ඩොලරයේ අගය සියයට 11%කින් පහළ දැමීමට හැකිවුණා කියලා. මම අභියෝග කරනවා හෙට ඉඳලා ආපහු ණය වාරික ගෙවලා පෙන් වලා ඔය ලබා ගත්තා කියන කෘතීම ප්‍රගතිය රඳවාගෙන පෙන්වන්න කියලා. මේවා ඔක්කොම චන්ද ගුණ්ඩු ” යයි ප්‍රකාශ කලේ කෝපයෙනි.