මේ වන විට ජාතික ජන බලවේගයේ ජනප්‍රියතාවය දිනෙන් දින ඉහල යාමත් සමග රට පුරා දේශපාලන පක්ෂ නායකයින් බඩු බෙදීම්, පොකට් රැස්වීම්, මාධ්‍ය සාකච්චා ඉහල දමමින් තිබෙනුයේ කොයි මොහොතක පැවතිය හැකි මැතිවරණයක් සඳහා සුදානම් වීමට විය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටි. එසේම රට පුරා සිදු වෙමින් පවතින වෙඩි තැබීම් හා ඝාතන සිදුවීම් මගින් මැතිවරණයට පෙර භිෂණයක් ඇතිකර හදිසි නීතිය පැනවීමේ අරමුණක් ඇත් ද යන්නත් දේශපාලන අංශ වල දැඩි කතා බහට ලක් වී ඇති මාර්තෘකාවකි.
ශ්‍රී ලංකා ඉතිහාසය පුරාවටම මැතිවරණ කාල වලදී භීෂණය පැතිරවීම්, චන්දදායකයින් බියගැන්වීම්, හොර චන්ද දැමීම් සුලභව සිදුවන අතර එහි දී ආරක්ෂක අංශ වල හැසිරීම් ද බරපතල ලෙස ප්‍රශ්න කෙරිණි. මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකේ දුෂිතයින් හා ආරක්ෂක අංශ වල ඇතැම් නිලධාරින් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ වල දුෂිත පුද්ගලයින් ජාතික ජන බලවේගය පිළිබඳව පැමිණ ඇති ස්ථාවරය වනුයේ කෙසේ හෝ එම පක්ෂයේ ජයග්‍රහණය නතර කලයුතු බවට වන මතයකි.
එම නිසා ඉදිරියේ පැවැත්විය හැකි ඕනෑම මැතිවරණයකට පෙර බිම සුදානම් කිරීමට ඔවුන් මෙලෙස පෙළ ගැසී ඇති බවට සැකයක් තමන් තුලද ඇතිබව ආරක්ෂක අංශ උසස් නිලධාරියෙකු අප සමග පවසා සිටියේය. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජයන් පැවති කාලයන් තුල මෙවැනි හිංසා කාරී ක්‍රියා ඔස්සේ මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඉවහල් වීම නිසා අදාල සැකය තව දුරටත් ත්‍රීව වී ඇත.
ජාතිවාදය, යුධ ජයග්‍රහණය, ඉස්ලාම් අන්ත වාදය, වැනි කාරනා යොදා ගනිමින් තව දුරටත් වලංගු නොවන තත්වයක් තුල භීෂණ කාරී තත්වයක් නිර්මාණය කරමින් මැතිවරණ ජයග්‍රහණය කිරීමට සුදානමක් ඇතැයි රටේ ජනතාවගේ ද විමසිල්ලට භාජනය වී ඇත. කෙසේවෙතත් ඕනෑම භීෂණකාරී තත්වයක් කණපිට හැරවිය හැක්කේ ද ජනතාවගේ බලයට පමණක් බවත්, ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ බහුතරයක් නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කාර්යයන් සමග එක් වීමට සහයක් නොමැති බවත් එම ආරක්ෂක අංශ නිලධාරියා වැඩි දුරටත් අප සමග පවසා සිටියේය.